පන්නිපිටිය ධර්මපාල විදුහල හා මාතර රාහුල විද්‍යාලය අතර 07 වැනි වරටත් පැවැත්වෙන රුහුණු මායා හටන( මහා ක්‍රිකට් තරගය හෙට (30දා) සහ අනිද්දා (31දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ධර්මපාල විදුහල් කණ්ඩායමඅවිශ්ක හසරින්දගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන අතරල සංජය දේවපුර මහතා කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරයිගයුරාජ් චලක මෙවර රාහුල විදුහල් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස පී.අයි.ඩබ්. ජයසේකර මහතා කටයුතු කරයි.
අතීත ශ්‍රී ලංකා බෙදීම්වලට අනුව රුහුණු ප්‍රද්‍ෙශයේ රාහුල විද්‍යාලය පිහිටා තිබීමත්, මායා ප්‍රද්‍ෙශයේ ධර්මපාල විදුහල පිහිටා තිබීමත් හේතුවෙන් මෙම තරගයට රුහුණු මායා හටන යන අන්වර්ථ නාමය ලැබී තිබේ. දෙවිදුහල්හි මේ දක්වා පැවැති තරගයන්ට අනුව ලැබූ එකම ජයග්‍රහණය ධර්මපාල විදුහල 2015 වසරේදී ලැබූ ජයග්‍රහණය වේ. ඒ හැරෙන්නට පසුගිය වසරේ මෙන්ම මේ දක්වා පැවැති සියලුම තරග ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇති චින්තක ජයසිංහ ධර්මපාල විදුහලේ ආදි සිසුවෙකු වන අතර, වත්මන් ටෙස්ට්, එක්දින හා විස්සයි20 ක්‍රීඩක සුරාජ් රන්දිව් රාහුල විදුහලේ ආදි සිසුවෙකි.
අන්තර් පාසල් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ධර්මපාල විදුහල මෙවර අන්තර් පාසල් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 13කට සහභාගි වී පූර්ණ තරග ජයග්‍රහණයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 04ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම පාසල් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරන මාතර රාහුල විද්‍යාලය තරග 17කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 11ක් වාර්තා කර ඇත.
මෙවර සත්කාරක පාසල ලෙසින් මාතර රාහුල විද්‍යාලය කටයුතු කරයි. දෙවිදුහල් අතර එක්දින තරගය අප්‍රේල් මස 01දා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
|
ධර්මපාල විදුහල් කණ්ඩායම - දුලාජ් එගොඩගේ, ඉෂාන් අංජන (සහය පුහුණුකරු), සංජය දේවපුර (පුහුණුකරු), මංජුල ගලප්පත්ති (ත්‍රීඩා භාර ආචාර්ය), චමිඳු සමරසිංහ (උපනායක), ඔෂාර පණ්ඩිතරත්න (විදුහල්පති), අවිශ්ක හසරංග (නායක), ඩබ්.එම්. වාසල (නියෝජ්‍ය විදුහල්පති- ක්‍රීඩා), සුජිත් ලියනගේ (ක්‍රිකට් භාර ආචාර්ය), අමිල ඩයනක
දෙවැනි පෙළ (හිටගෙන වමේ සිට) - |
|
රාහුල විදුහල් කණ්ඩායම රනිල් රසාංග (සහය පුහුණුකරු), අචල යාපා (ක්‍රිකට් භාර ආචාර්ය), අතුල විදානගම (නියෝජ්‍ය විදුහල්පති විෂය සමගාමී), යුරාජ් චලක (නායක), ෆැන්සිස් වෙලේගේ (විදුහල්පති), සසිත් මනුරංග (උපනායක), නිහාල් අබේවික්‍රම (ක්‍රීඩා භාර ආචාර්ය), පී.අයි.ඩබ්. ජයසේකර (ප්‍රධාන පුහුණුකරු)
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.