Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුහුණු - මායා එක්දින සටනේ ජය ධර්මපාලයට

රුහුණු - මායා එක්දින සටනේ ජය ධර්මපාලයට

editorial - 2023 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මාතර රාහුල විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ‘රුහුණු - මායා සටනට’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව 11 වැනි වරට පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ධර්මපාල විදුහල සමත් විය.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ධර්මපාල විදුහල ඕවර 41 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

පසිඳු තීක්ෂණ හතරේ පහර 7 ක් සමග ලකුණු 41 ක්ද, නායක තිසර වික්‍රමසිංහ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද රැස්කළ අතර උදිත සඳරුවන් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් ධර්මපාල විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාහුල විදුහලට ධර්මපාල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. එහිදී කවිඳු විජේසිංහ කඩුලු 3 ක් දවාගත් අතර උෂාන් ගලගෙදර සහ මනූෂ පබසර කඩුලු 2 බැගින් බිඳහෙළුහ.

රාහුල විදුහලේ සදෙව් ගමගේ පන්දු 85 කදී හතරේ නොදැවී ලකුණු 54 ක් රැස්කරමින්, ලකුණු 28 කට කඩුලු 5 ක්ද දවාගත්තේ තරගයේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා යන සම්මාන දෙකටම හිමිකම් කියමිනි. ධර්මපාල විදුහලේ උෂාන් ගලගෙදර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.


මාතර රාහුල විදුහල - ඕවර 50 කදී කඩුලු 9 කට 200
(සදෙව් ගමගේ නොදැවී 54, මිනුග ලක්විඳු 34, දිල්මිත් ලක්තරණ 33, සසිනු බට්ටගේ 20, කවිඳු විජේසිංහ 52/3, උෂාන් ගලගෙදර 20/2, මෙනූෂ පබසර 40/2)
 
ධර්මපාල විදුහල - ඕවර 41 කදී කඩුලු 8 කට 201
(පසිඳු තීක්ෂණ 41, තිසර වික්‍රමසිංහ 36, උදිත සඳරුවන් 30, හිරු පවන් 24, කවිඳු විජේසිංහ 22, සදෙව් ගමගේ 28/5)

 


අදහස් (0)

රුහුණු - මායා එක්දින සටනේ ජය ධර්මපාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.