Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිෂාබ් පාන්ට් රිය අනතුරක

රිෂාබ් පාන්ට් රිය අනතුරක

editorial - 2022 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්, හදිසි රිය අනතුරකට ලක්වීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනතුරින් පාන්ට්ගේ හිසට, බෙල්ලට පිට ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණද, මේ වන විට ඔහු අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද (30 වැනිදා) අළුයම හරිද්වාර් දිස්ත්‍රික්කයේ මංග්ලෝර් සහ නර්සාන් යන නගර දෙක අතර සිය මෝටර් රථය පදවමින් සිටියදී පාන්ට් මෙම රිය අනතුරට ලක්ව ඇත. රූර්කී නගරයේ පිහිටි සක්ෂාම් රෝහලේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහුව දේරාදූරන් නගරයේ පිටිහි මැක්ස් රෝහල් වෙත ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

“පාන්ට්ගේ හිසේ පැලුම් දෙකක් තිබුණා. ඒ වගේම ඔහුගේ දකුණු දණහිසේ කාටිලේජ ඉරීමක් සිදුවෙලා තිබුණා. දකුණු අතේ මැණික් කටුවට, දකුණු පාදයේ විලුඹට සහ ඇඟිලිවලටත් පිට ප්‍රදේශයටත් මෙම අනතුරින් හාසි සිදුවෙලා තිබුණා. දැන් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් තියෙනවා. මැක්ස් රෝහලේදී ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතයි.” යැයි රෝහල් ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.

බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගි වූ 25 හැවිරිදි පාන්ට්, මිර්පූර්හිදී නිමාවට පත්වූ ටෙස්ට් තරගයේදී ලකුණු 93 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජනවාරි මාසයේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතයට ඇතුළත් නොවුනද, ඔහු පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.  

ඡායාරූප - ටයිම්ස් ඔෆ් ඉන්දියා අනුග්‍රහයෙනි

-036


අදහස් (0)

රිෂාබ් පාන්ට් රිය අනතුරක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.