ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති දිනයේ දෙවැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 5 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.
රාජස්ථාන් පිල ලකුණු 191 ක ඉලක්කය ඕවර 18.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ස්ටීවන් ස්මිත් (නොදැවී 48) සහ ජේම්ස් ෆෝක්නර් (නොදැවී 41) හයවැනි කඩුල්ලට පන්දු 32 කදී ලකුණු 85 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් බැංගලෝර් ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් වූහ.
කරුන් නසීර් පන්දු 39 කදී රාජස්ථාන් පිලට ලකුණු 56 ක් එකතු කළේය.
යුවරාජ් සිං දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලූ 4 ක් දවා ගත්ත ද සෙසු පන්දු යවන්නන් අසාර්ථක වීමෙන් පරාජයට ලැබීමට සිදුවිය.
පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිලේ යුවරාජ් සිං (83) සහ ඒ. බී. ඩිවිලියස් (58) වේගවත් ඉනිමක් දියත් කරමින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 132 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
යුවරාජ් සිං පන්දු 38 කදී හතරේ සහ හයේ පහර 7 බැගින් අන්තර්ගතකරමින් ලකුණු 83 ක් රැස්කිරීමට සමත් විය. ඒ. බී. ඩිවිලියස් පන්දු 32 කදී හතරේ පහරක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 58 ක් රැස් කළේය.
ප‍්‍රවේගකාරි පිතිකරු ක‍්‍රිස් ගේල් නැවතත් අසාර්ථක වෙමින් පන්දු 25 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 19 ක් ලබා දැවී ගියේය. විරාට් කෝලි ලකුණු 4 ක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
බැංගලෝර් පිලට විදේශ ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රිස් ගේල්, ඒ. බී. ඩිවිලියස්, ඇල්බි මොර්කල් සහ මිචෙල් ස්ටාක් ඇතුළත්ව සිටි අතර රාජස්ථාන් පිලට නායක ෂේන් වොට්සන්, ස්ටීවන් ස්මිත්, ජේම්ස් ෆෝක්නර් සහ කේන් රිචඞ්සන් විදේශ ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රීඩා කළහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 190 (ක‍්‍රිස් ගේල් 19, ඒ. බී. ඩිවිලියස් 58, යුවරාජ් සිං 83, කේන් රිචඞ්සන් 43/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 191 (අජින්යා රහනේ 24, කරුන් නසීර් 56, සංජු සැම්සන් 13, ස්ටීවන් ස්මිත් නොදැවී 48, ජේම්ස් ෆෝක්නර් නොදැවී 41, යුවරාජ් සිං 35/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.