Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්තාන් රෝයල්ස් නායකයා වොට්සන්

රාජස්තාන් රෝයල්ස් නායකයා වොට්සන්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළැඹෙන ඉන්දීය ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා ඔස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් පත්කර තිබේ.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු නායක රාහුල් ඩ‍්‍රාවිඞ් නායකත්වයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් රෝයල් කණ්ඩායමේ ප‍්‍රධාන විධායක රාගු ඉයර් සහ ප‍්‍රධාන පුහුණුකරු පැඩි අප්ටන් විසින් ෂේන් වොට්සන්ව නායකත්වයට පත්කර තිබේ.

2008 අයි.පී.එල්. තරගාවලියේදී ලකුණු 472 ක් සහ කඩුලූ 17 ක් ලබා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයද දිනා ගැනීමට ෂේන් වොට්සන් සමත් විය. ෂේන් වොට්සන් අයි.පී.එල්. තරග 55 කදී ශතකයක් සහ අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1785 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 39.66 ක් ලෙස සටහන් වේ. පන්දු යැවීමෙන් ඔහු කඩුලූ 48 ක් දවාගෙන තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා ඇත.

‘මෙය මා පුදුමයට පත්කරවන්නක්. මම උත්සහ කරනවා අපේ හොඳම ක‍්‍රිකට් රටාව මෙවර තරගාවලියේදී රෝයල් කණ්ඩායම වෙත  ලබා දෙන්න. විශේෂයෙන් 2008 දී අපි ලබපු ජයග‍්‍රහණය මෙවර ලබා ගැනීම උදෙසා උත්සහ කරනවා.’ යනුවෙන් වොට්සන් සිය නායකත්වය ලැබීමෙන් පසු පවසා තිබේ.


- 033

 


අදහස් (0)

රාජස්තාන් රෝයල්ස් නායකයා වොට්සන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.