රාජපක්ෂ මැදි විදුහල අමාරුවේ වැටෙයි
දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය සහ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය අතර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) ආරම්භවූ 9 වැනි ‘රුහුණු රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 19 ක් රැස්කර සිටියේය.
මෙනූෂ දිනුප් ලකුණු 04 කට කඩුලු 3 ක් දවාගනිමින් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම අමාරුවේ දැමීමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
ලකුණු 37 ක් ලබාගත් ළහිරු කෝසල විජිත මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ තරිඳු උශාන් ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගනිමින් විජිත මධ්‍ය මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට දායකවූ අතර පිවිතුරු පියදසුන් ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත්තේය.
හෙට (5 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
විජිත ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(ළහිරු කෝසල 37, තරිඳු උශාන් 47/5, පිවිතුරු පියදසුන් 15/2)
රාජපක්ෂ ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 16.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 19
(මෙනූෂ දිනුප් 04/3)