Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ මුල් ඉනිමේ ජය ලබති

රාජකීයයෝ මුල් ඉනිමේ ජය ලබති

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පාදුක්ක සිරි පියරතන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. 

එහිදී තෙවිඳු හංසජ (95), උවිඳු වීරසේකර (57), සදිෂ රාජපක්ෂ (නොදැවී 55) සහ දසිස් මංචනායක (නොදැවී 53) රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම කනිෂ්ක දයාරත්න ලකුණු 31 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 2 ක් දැවී 284 
(තෙවිඳු හංසජ 95, උවිඳු වීරසේකර 57, සදිෂ රාජපක්ෂ නොදැවී 55, දසිස් මංචනායක නොදැවී 53) 

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 105 
(විදුර නිපුන් 38, අචින්ත කිත්යුරු 22, කනිෂ්ක දයාරත්න 31/6) 

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුල්ලක් දැවී 23 

-036 


අදහස් (0)

රාජකීයයෝ මුල් ඉනිමේ ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.