Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් රාජකීයයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ නිතේෂ් ජයසිංහ පන්දු 114 කදී හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් විය.

 
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 43.2 කදී කඩුලු 5 ක් දැවී 247
(නිතේෂ් ජයසිංහ නොදැවී 100, දුෂේන් උඩවෙල 39, රසුල මදරසිංහ 37, තුමිඳු සෝමසිරි 21, යනුෂ් ඉමාන් 62/2)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 134
(විරුන විත්මිර 59, දිනුර නෙත්විඳු 30, මිහිරු කොඩිතුවක්කු 19/5, අභිරු අමරසේකර 18/2, ධිසස් නානායක්කාර 28/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 ක් දැවී 79
(සඳුල් අබේරත්න 29, අභිරු අමරසේකර 25)

-036

 


අදහස් (0)

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.