Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයන් පරදවමින් ත්‍රිත්ව අවසන් පූර්ව වටයට

රාජකීයයන් පරදවමින් ත්‍රිත්ව අවසන් පූර්ව වටයට

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (9 වැනිදා) සමත් විය.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය ත්‍රිත්ව ක්‍රීඩකයෝ, කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර විතිල උදාර නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ත්‍රිත්ව විදුහලේ කවීන් හේෂාන් පළමු ඉනිමේදී ලකුණු 22 කට කඩුලු 3 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 81 කට කඩුලු 4 ක්ද බැගින් ඉනිම් දෙකේදී කඩුලු 7 ක් බිඳහෙළීමට සමත් විය.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 114
(බුලාන් වීරතුංග නොදැවී 21, තරණ විමලධර්ම 21/3, කවීන් හේෂාන් 22/3, දිනුක තෙන්නකෝන් 29/3)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 195
(ලක්වින් අබේසිංහ 44, ජයවි ලියනගම 29, විතිල උදාර 28, දිනුක තෙන්නකෝන් 24, රහල් අමරසිංහ 21, රනුක මලවිආරච්චි 21/5, රමිරු පෙරේරා 49/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 59 කදී සියලු දෙනා දැවී 229
(ඔවින අඹන්පොල නොදැවී 48, උවිඳු වීරසේකර 42, රෙහාන් පීරිස් 26, දිසස් සවිඳු 25, රමිරු පෙරේරා 20, කවීන් හේෂාන් 81/4, තරණ විමලධර්ම 49/2, දිනුක තෙන්කෝන් 71/2)
 
ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.3 කදී කඩුලු 4 ක් දැවී 150
(විතිල උදාර නොදැවී 38, දිනූෂ පීරිස් 38, රහල් අමරසිංහ 26)

 


අදහස් (0)

රාජකීයයන් පරදවමින් ත්‍රිත්ව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.