අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ හින්දු විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 126 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. 
එහිදී සිතුම් දුලක්ෂණ (නොදැවී 74) සහ හිරින් කල්දේරා (නොදැවී 73) රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම අශේන් කවීෂ ලකුණු 30 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
	රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 25 කදී කඩුල්ලක් දැවී 220 
	(සිතුම් දුලක්ෂණ නොදැවී 74, හිරින් කල්දේරා නොදැවී 73, අග්‍ර ගමගේ 66) 
	හින්දු විදුහල් පළමු ඉනිම - ඕවර 22 කදී සියලු දෙනා දැවී 34  
	(අෂේන් කවීෂ 00/3, චමෝද් යශෝධ්‍ය 01/2, අනූෂ දෙවින් 02/2) 
	හින්දු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 60 
	(අෂේන් කවීෂ 30/4, අනූෂ් දේවින් 05/3, චමෝද් යශෝධ්‍ය 17/3) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.