අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අතර හෙරින් ඕල්කට් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ ඔමාල් දිසානායක ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් අතර තෙනුක ගුණතිලක සහ සංජුල බණ්ඩාර කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත ජෝෂප් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔමාල්ට අනගි සහාක් දුන්හ.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 31 කදී සියලු දෙනා දැවී 70
(යසිඳු මෙත්වන් 16, ඔමාල් දිසානායක 07/3, තෙනුක ගුණතිලක 05/2, සංජුල බණ්ඩාර 09/2)
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 111
(අනුක් ඉනෝයිව් 30, රුක්මාල් කුරේ නොදැවී 22, ඒෂාන් ප්‍රනාන්දු 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.