අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සහ මොණරාගල රාජකීය විදුහල අතර පල්ලෙවත්ත ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී කවිඳු නිමේෂ (51) ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන්ද, නවීන් රත්නායක (56) රාජකීය විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී 162
(කවිඳු නිමේෂ 51, නෙත්ම කල්හාර 31, ධනංජය ලක්ෂාන් 36/3, මහේෂ් රංගන 10/2)
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී 163
(නවීන් රත්නායක 56, ඉෂාන් කෞෂල්‍ය නොදැවී 26, සුපුන් සෙනෙවිරත්න 46/4, මොහොමඞ් මාසාස් 39/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.