කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 136 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය.
තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (14) වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටු වන විට රාජකීය විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා සිටියේය.
දෙවැනි දිනය අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 182 ක් ලබා සිටි සාන්ත තෝමස් විදුහල කඩුලූ 7 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.
රවිඳු කොඩිතුවක්කු පන්දු 236 කදී හතරේ පහර 11 ක් සමගින් 95 ක් රැස්කර සිටියදී දැවී ගියේය.
වර්ෂාව හේතුවෙන් දෙවැනි සහ තෙවැනි දින දෙකේදී ඕවර 90 කට ආසන්න සංඛ්‍යාවක් යැවීමට නොහැකි විය.
රාජකිය විදුහල පළමු ඉනිම ඕවර 74.5 කදී සියලූ දෙනා දැවී 199
(හසිත් සමරසිංහ 27, ගීෂාත් පණ්ඩිතරත්න 21, චාමික කරුණාරත්න 57, හරිත් සමරසිංහ 35, ලසිග් ඇඹුල්දෙණිය 17, හෙලකමල් නානායක්කාර 43/2, තරිඳු රත්නායක 60/2, සචිත ජයතිලක 27/3)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 87.4 කදී කඩුලූ 7 ට 270
(යොහාන් මෙන්ඩිස් 51, රවි කොඩිතුවක්කු 95, නිපුන් ගමගේ 48, කාවින්ද වික‍්‍රමසිංහ 28, තරිඳු රත්නායක 15, රන්දේව් පතිරණ 71/4)
රාජකීය විදුහල දෙවැනි ඉනිම ඕවර 8 කදී කඩුලූ 1 ට 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.