Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය - සා. තෝමස් මහ සටන හෙට සිට

රාජකීය - සා. තෝමස් මහ සටන හෙට සිට

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ පැරණිතම පාසල් ක‍්‍රිකට් තරගයක් වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය හෙට (10 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තෙදින තරගයක් වන මෙම තෙරගය 12 වැනිදා අවසන් වීමට නියමිතය.


1879 වසරේ ආරම්භ වූ මෙම මහ ක‍්‍රිකට් තරගයේ මෙතෙක් පැවැති තරගවලදී විදුහල් දෙක තරග 34 බැගින් ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.


ශාන්ත තෝමස් විදුහල අවසන් වරට 2007 වසරේ අෂාන් පීරිස්ගේ නායකත්වයෙන්ද, රාජකීය විදුහල 2013 වසරේ ඩෙවින් පද්මනාදන්ගේ නායකත්වයෙන්ද ජය ලැබීය.


මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස ශීෂාත් පණ්ඩිතරත්නද සාන්ත තෝමස් විදුහලේ නායකයා ලෙස සචිත ජයතිලකද කටයුතු කරති.


කොළඹ රාජකීය විදුහල මෙම තරග වරයේ තරග තරග 21 කදී මරදාන ශාන්ත ජෝශප්, පානදුර රාජකීය, කදාන ද මැසිනොද් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ 4 ක් ලැබීය. රාජකීය විදුහල මෙම තරග වාරයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල හමුවේ පමණක් පරාජයට පත්විය.


 උප නායක තිරාන් ධනපාල මෙම තරග වාරයේදී ලකුණු 1,107 ක් රැුස්කරමින් දක්‍ෂතම පිතිකරු බවට පත්ව සිටියි. නායක ශීෂාත් පණ්ඩිතරත්න (1,039), නවීන් විදානපතිරණ (853), රොනුක ජයවර්ධන (694) සහ පසි`දු සූරියබණ්ඩාර (648) රාජකීය විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන ප‍්‍රබලතම පිතිකරුවෝ වෙති.


ලසිත් ඇඹුල්දෙණිය මෙම තරග වාරයේදී කඩුලූ 118 ක් රැුස්කරමින් රාජකීය විදුහල් පිලේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්ව සිටියි. ගනිත් සංදීප (39), හිමේෂ් රාමනායක (32) සහ හේලිත විතානගේ (27) ඇඹුල්දෙණියට අනෙක් අන්තයෙන් සහාය දැක්වීමට සූදානමින් සිටිති.


ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල මෙම තරග වාරයේ තරග 21 කට සහභාගි වී කටුගස්තොට ශාන්ත අන්තෝනි, වෙන්නප්පුව ජෝශප් වාස්, රාජගිරිය ජනාධිපති, කොටහේන ශාන්ත බෙනඩික්, වෙස්ලි, කොළඹ නාලන්දා සහ ක`දාන මැසිනොද් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ 7 ක් ලැබූ අතර කිසි`දු තරගයක් පරාජය නොවීය.


රෂ්මික  ඕපාත තරග 21 කදී ලකුණු 832 ක් රැුස්කරමින් මෙම තරග වාරයේ සාන්ත තෝමස් විදුහලේ ප‍්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. උප නායක යොහාන් මෙන්ඩිස් (770), නායක සචිත ජයතිලක (758), රවිදු කොඩිතුවක්කු (704) සහ දිලේන්ද්‍ර ගුණතිලක (691) මෙවර ශාන්ත තෝමස් විදුහල පිතිකරු ලැයිස්තුවෝ සෙසු ප‍්‍රබලයෝ වෙති.


නායක සචිත ජයතිලක තරග 20 කදී කඩුලූ 79 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ සාන්ත තෝමස් විදුහල් පන්දු යැවීමේ බලැනියේ ප‍්‍රබලයා බවට පත්ව සිටියි. රවි`දු තිලකරත්න (59), ඩිලන් පීරිස් (41), සෙනාල් ද සිල්වා (39* සහ දිනෙත් කන්නංගර (31) කඩුලූ අතර සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.  


දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 19 වැනිදා දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ඉතිහාසයේ පාසල් වාර්ෂික එක්දින තරගයක් විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ.


කොළඹ රාජකීය විදුහල් සංචිතය:


ශීෂාත් පණ්ඩිතරත්න (නායක), තිරාන් ධනපාල (උප නායක), ලසිත් ඇඹුල්දෙණිය, නවීන් විදානපතිරණ, හිමේෂ් රාමනායක, හෙලිත විතානගේ, ෂාන් තෙන්නකෝන්, රොනුක ජයවර්ධන, ගනිත් සංදීප, දුවි`දු හෙට්ටිආරච්චි, පසි`දු සූරියබණ්ඩාර, කවි`දු මාදරසිංහ, චානුක හතරසිංහ, ගයාන් දිසානායක, අභිෂේක් පෙරේරා සහ මලිත් කාරියවසම්


ප‍්‍රධාන පුහුණුකරු: සුරංග විජේනායක මහතා, කණ්ඩායම් බාර ආචාර්ය: ශාන්ත විජේසුන්දර මහතා  


සාන්ත තෝමස් විදුහල් සංචිතය:


සචිත ජයතිලක (නායක), යොහාන් මෙන්ඩිස් (උප නායක), රවිදු කොඩිතුවක්කු, රෂ්මික  ඕපාත, දිලේන්ද්‍ර ගුණතිලක, රොමේෂ් නල්ලපෙරුම, රවිදු තිලකරත්න, සෙනල් ද සිල්වා, ඩිලන් පීරිස්, යොහාන් පෙරේරා, හංසක ලියනාරච්චි, කනිෂ්ක පෙරේරා, ඉෂේන් පෙරේරා, සිතාර හපුහින්න, දිනෙත් නන්නංගර සහ දුලිත් ගුණතිලක


ප‍්‍රධාන පුහුණුකරු: දිනේෂ් කුමාරසිංහ මහතා, කණ්ඩායම් බාර ආචාර්ය: ජී. නෙසසීලන් මහතා

 

 

 

 


අදහස් (0)

රාජකීය - සා. තෝමස් මහ සටන හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.