Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රත්ගම දේවපතිරාජ බාළිකාවෝ ජයගනිති

රත්ගම දේවපතිරාජ බාළිකාවෝ ජයගනිති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස අවුරුදු 19 න් පහළ 2014 අන්තර් පාසල් බාලිකා ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී මතුගම ශාන්ත මරියා විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 175 ක විශිෂ්ට ජයක් ලැබීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

මතුගම ශාන්ත මරියා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ බාලිකාවෝ පන්දුවාර 25 කදී කඩුලූ පහක් දැවී ලකුණු 201 ක් ලබා ගත්හ. එහිදී කවීෂා දිල්හාරි පන්දු 77 කදී නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තාය. පිළිතුර ඉනිම ඇරඹු මතුගම ශාන්ත මරියා විදුහල් කණ්ඩායමට පන්දුවාර 15.4 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි.

දේවපතිරාජ පන්දුවාර 25 කදී කඩුලූ පහට ලකුණු 201 යි.
(කවීෂා දිල්හාරි 85, පූජා රශ්මි 28, සත්‍යා සන්දීපනී 25, මධුමාලි ලක්ෂිකා 47/2)

ශාන්ත මරියා පන්දුවාර 15.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 26 යි.
(මධුමාලි ලක්ෂිකා 10, සත්‍යා සන්දීපනී 7/4, සුලේෂා සත්සරණි 10/3 යි)

033


අදහස් (0)

රත්ගම දේවපතිරාජ බාළිකාවෝ ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.