Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රත්ගම දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

රත්ගම දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහරගම මැදි විදුහලට එරෙහිව රත්ගමදී පැවැති අන්තර් පාසල් 19 පහළ ‘සිංගර් කුසලාන සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයකින් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත්විය.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලියේ සිව්වැනි වටයට සුදුසුකම් ලබාගැනීමටද රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

ලකුණු 125 ක ජයග‍්‍රාහී ඉලක්කය  ඕවර 26.5 ක් අවසානයේ පසුකර යෑමට දේවපතිරාජ විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහරගම මැදි විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 124 ක් පමණි.

මහරගම මැදි විදුහල ඕවර 41 කදී සියලූ දෙනා දැවී ලකුණු 124
(නාරද පතිරගේ 29, කේ. චානක නොදැවී 28, කෞෂි චාමර 19, සසිඳු සත්තර 23/3, නිලන්ක රුක්ෂිත 5/2, චතුර ලක්ෂාන් 19/2)

දේවපතිරාජ විදුහල ඕවර 26.5 කදී කඩුලූ 7 කට ලකුණු 127
(උදේෂ් මධුසංක නොදැවී 46, රමිඳු නිකේෂල 20, අවිෂ්ක ගිම්හාන 16, නෆීෂ සේකර 389/3, නාරද පතිරගේ 40/2)

036


අදහස් (0)

රත්ගම දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.