Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රත්-රන් සටන ඉරිදා

රත්-රන් සටන ඉරිදා

editorial - 2024 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ- ගයාන් අමරසේකර)

කෝට්ටේ රාජගිරිය ජනාධිපති විදුහල හා කොළඹ මරදාන අශෝක විදුහල අතර 17 වැනි ‘රන්- රන් ’ සටන වාර්ෂික එක් දින ක්‍රිකට් තරගය ඉරිදා (28) බොරැල්ල පී. සරවණමුත්තු (ඕවල්) පිටියේ දී පැවැත්වේ.

 දෙවිදුහල අතර මෙතෙක් පවත්වා  තිබෙන රන්-රන් සටන එක්දින තරගයේ ජයග්‍රහණ  12ක්ම හිමි කරගෙන ඇත්තේ ජනාධිපති විදුහලය.  ගියවර තරගයේ (2023) ජයග්‍රහණය ද ඇතුළුව ජයග්‍රහණ හතරක් එහිදී අශෝක විදුහල අත්කරගෙන තිබේ.

මෑත යුගයේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ ප්‍රධානතම බෞද්ධ පාසල් දෙකක් ලෙස හැඳින්විය හැකි කෝට්ටේ (කොළඹ) ජනාධිපති විදුහල 1978 දී මෙරට ආරම්භ වූ පළමු ජනාධිපති විදුහලයි. අශෝක විදුහල  1973 දී ආරම්භ කර තිබේ. මෙම දෙවිදුහලට අඩුපාඩුවක්ව පැවැති වාර්ෂික මහ ක්‍රිකට් තරගය වෙනුවට මෙම එක්දින තරගය වසර 2007 දී ආරම්භ කර තිබේ.

දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන ලුතිනන් කර්නල් ඩී.ඒ.ඩී. වානගුරු (ජනාධිපති විදුහල) හා බුද්ධික අත්තනායක (අශෝක විදුහල) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා පෙරවරු 10ට තරගය ආරම්භ වේ. 

ඉෂාර අම්බලන්ගොඩ ජනාධිපති විදුහල් කණ්ඩායමේ නායකයා ලෙසත්, උමේෂ් ප්‍රමෝද කල්දේරා අශෝක විදුහලේ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරති.

 

කෝට්ටේ ජනාධිපති විදුහල් කණ්ඩායම:-

ඉෂාර අම්බලන්ගොඩගේ (නායක), දිනෙත් වත්තේදුරයාලගේ (උප  නායක), මළිදු රත්නායක, දහම් නිශ්ශංක, තිසාත් හෙට්ටිආරච්චි, චනුල් ජයවර්ධන, නදිල නෙත්මිණ, නවින්ද මහදේවගේ, පුන්සර හංවැල්ල. සෙතිල ගමගේ. නදීන් කුරේ, අදීෂ පෙරේරා, සසිඳු මුහම්දිරම්ගේ, හිරුන් ආරච්චිගේ, යොහාර විරසූරිය, ෂෙහන්ත අබේරත්න, ළහිරු කවිජක, ෂානක පරණමාන, සිතුම් හෙට්ටිආරච්චි, හිරුෂ හේවගේ, රුවිෂ්ක තරූෂ.

පුහුණුකරු:- මේනක ජයසිංහ, සහය පුහුණුකරු නිරෝෂ් රණතුංග, කණ්ඩායම් භාර ආචාර්ය අචින්ත උදයංග යන මහත්වරු-

 

කොළඹ අශෝක විදුහල් කණ්ඩායම: උමේෂ් පමෝද කල්දේරා (නායක), ඉෂාර සඳමාල් (උප නායක), වෙනුර කවිනු විතානගේ, බුලිත මිත්තරු අරන්වලගමගේ, කවිෂ දෙනුවන්, උදයන්ත අබිලාෂ හෙට්ටිආරච්චිගේ විදුර ඒෂාන් වෙත්තසිංහ, තාෂිත නයනජිත් කරුණාරත්න,  මෝදිත මතීෂ ජයවික්‍රම, ඔමෙත් සෙන්දිනු පෙරේරා, සෙනින් අංජු සුනාදුර, සසිදු මලින්ද මල්ෂාන්, චතුර ප්‍රබෝද් තීක්ෂණ, පසිදු හිරුෂාන්, සුබාන් වින්දික හේවගාල්ලගේ, ඉනුක දම්සෙන් හල්පගේ, ගෙතුල සිතුම් බෝෂිත, කවිදු ගිම්හාන පළිහවඩන, දියුණු රන්දිර සමරසිංහ, සචිත් මධුෂාන්.

පුහුණුකරු:- ළහිරු කනිෂ්ක වික්‍රමසිංහ, සහය පුහුණුකරු චරිත් ගුණවර්ධන, කණ්ඩායම් භාර නිලධාරි ජාලිය ජයන්ත යන මහත්වරු.


අදහස් (0)

රත්-රන් සටන ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.