Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රණබිම රාජකීයන්ට ඉනිමක ජයක්

රණබිම රාජකීයන්ට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ තරගයකදී, නුවර සසෙක්ස් විද්‍යාල ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 3ක ජයක් ලැබීමට නුවර රණබිම රාජකීය විද්‍යාල ‘ඒ’ කණ්ඩායම ඊයේ (31) සමත් විය. මෙම තරගය රණබිම රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. 

කාසියේ වාසිය දිනාගත්  රණබිම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට සසෙක්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී පළමු ඉනිමෙදී සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 81 පමණි. 

 සසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ටී දිසානානක ලකුණු 34 රැස්කල අතර, දක්ෂ පන්දු යැවීමක නිරතවූ රණබිම විද්‍යාලයේ ඒ. රත්නායක ලකුණු 3කට කඩුලු 3ක් සහ ආර්. ප්‍රසාන්ත් ලකුණු 20කට කඩුලු 3ක් බැගින් ලබා ගැනීමට හැකිවිය.

පළමු  ඉනිම ඇරඹූ රණබිම විද්‍යාලය ඕවර 26කදී කඩුලු 7කට ලකුණු 161 ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවනු ලැබීය. රණබිම විද්‍යාලය වෙනුවෙන් ආර්. දිසානායක හා කේ. ගුණවර්ධන අර්ධ ශතක රැස් කරද්දී, සසෙක්ස් විද්‍යාලයේ පී. දිසානායක ලකුණු 36කට කඩුලු 5ක් බිද හෙලුවේය.
 
සසෙක්ස් විද්‍යාලයට දෙවන ඉනිමේදී ඕවර 29.5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ, ලකුණු 77 පමණි. දෙවන ඉනමේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ එම්. අර්බාන් ලකුණු 17 ක් ලබා ගත්තේය. රණබිම විද්‍යාලයේ ඒ.  රත්නායක දෙවැනි ඉනිමේදී ද ලකුණු 15 කට කඩුලු 3ක් බිද හෙලීය. අයි. සේනාරත්න සහ එන්. ගුණතිලක කඩුලු දෙක බැගින් ලබා ගත්තේය.

සසෙක්ස් විද්‍යාල ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම -  ඕවර 30.2 කදී සියලු දෙනා දැවී ලකුණු 81 
(ටී. දිසානායක 34, ඒ රත්නායක 3/03, ආර්. ප්‍රසාන්ත් 3/20, කේ. ගුණවර්ධන 2/11) 

රණබිම රාජකීය විද්‍යාල ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 161 
(ආර්. දිසානායක 58, කේ. ගුණවර්ධන නොදැවී 50, එෆ්. මධුමාල් 25, පී. දිසානායක 5/36 ) 

 සසෙක්ස් විද්‍යාල ‘ඒ’ කණ්ඩායම දෙවන ඉනිම -  ඕවර 29.5 කදී සියලු දෙනා දැවී ලකුණු 77 
(එම්. අර්බාන් 17, ඒ. රත්නායක 3/15, අයි. සේනාරත්න 2/08, එන් ගුණතිලක 2/09 ) 
 
-024


අදහස් (0)

රණබිම රාජකීයන්ට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.