Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රචින් - අජාස් නවසීලන්තය බේරාගනිති
ඉන්දියා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය (5 වැනි දිනය)

රචින් - අජාස් නවසීලන්තය බේරාගනිති

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය සම්භවයකින් යුත් කී‍්‍රඩකයන් දෙදෙනකු වන 22 හැවිරිදි රචින් රවීන්ද්‍ර (නොදැවී 18) සහ අජාස් පතෙල් (නොදැවී 02) එක්ව කළ සටන්කාමී පිතිහරඹය නිසා ඉන්දියාවට එරෙහිව කාන්පූර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය.

ලකුණු 284 ක ඉලක්කයක් කරා ගිය නවසීලන්ත පිලේ කඩුලූ 9 ක්ම ලකුණු 155 කට දැවී ගියද අවසන් පිතිකරුවන් දෙදෙනා වූ රචින් රවීන්ද්‍ර සහ අජාස් පතෙල් දෙදෙනා අඩහෝරාවක පමණ කාලයක් පුරා අවසන් කඩුල්ල රඳවා ගත්හ.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පස්වැනි දිනයේ තරගය අතහැර දමන විට නවසීලන්ත කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු විලියම් යංග් ඊයේ සවස් වරුවේදීම දැවී ගියේය. එහෙත් අද උදෑසන එක්වූ ටොම් ලේතම් (52) සහ විලියම් සමර්විල් (36) දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක්කළහ. ටොම් ලෙතම් දැවී යාමට පොරතුව තරගයේ ජයග‍්‍රහණය කරා යාමට නවසීලන්තයට දුරස්ථ අවස්ථාවක් තිබූ නමුත් ලකුණු 118 දී රවිචන්ද්‍රන් අශ්වින් විසින් ටොම් ලෙතම් දවාගන්නා ලදි.

එතැන් සිට ලකුණු 37 ක් ඇතුළත කඩුලූ 7 ක් දවාගැනීමට ඉන්දීය දඟ පන්දු යවන්නන් සමත් වූහ. එහෙත් ජයග‍්‍රහණය සඳහා අත්‍යවශ්‍ය වූ අවසන් කඩුල්ල දවාගැනීමට විනාඩි 30 ක් තිස්සේ උත්සාහ කළ නමුත් අපොහොසත් වූහ.

ලකුණු 35 කට කඩුලූ 3 ක් දවාගනිමින් සිය ටෙස්ට් කඩුලූ සංඛ්‍යාව 419 ක් දක්වා ඉදිරියට ගෙන ගිය රවිචන්ද්‍රන් අශ්වින්, වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් දවාගත් ඉන්දියානුවන් අතර 3 වැනි ස්ථානයට පැමිණියේ හර්බජාන් සිං (417) පසුකරමිනි.

මේ වන විට අශ්වින්ට වඩා ඉදිරියෙන් සිටින ඉන්දීය ටෙස්ට් පන්දු යවන්නන් වන්නේ කපිල් දේව් (434) සහ අනිල් කුම්බල් (619) දෙදෙනා පමණි.


ඉන්දියාව - පළමු ඉනිම 345 යි
නවසීලන්තය - පළමු ඉනිම 296 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලූ 7 ට 234 යි
නවසිලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 9 ට 165 යි

(ටොම් ලෙතම් 52, විලියම් සමර්විල් 36, කේන් විලියම්සන් 24, රචින් රවීන්ද්‍ර නොදැවී 18, රවිචන්ද්‍රන් අශ්වින් 35/3, රවීන්ද්‍ර ජදේජා  

- 213

 


අදහස් (0)

රචින් - අජාස් නවසීලන්තය බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.