මුරලි සාම කුසාලන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (1 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පෙළොන්නරුව ඒකාබද්ධ විදුහල් පිල පරාජය කර ලකුණු 73 ක ජයක් ලැබූ ගාල්ල රිච්මන්ඞ් විදුහල, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
ඒ අනුව තරගාවලියේ අවසන් මහ තරගය ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර අද (2 වැනිදා) යාපනයේ ශාන්ත පැට්‍්‍රක් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය පෙළොන්නරුව ඒකාබද්ධ විදුහල් පිලට ඕවර 19 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 76 ක් පමණි.
වනිඳු හසරංග, චරිත් අසලංක සහ අවිඳු තීක්ෂණ කඩුලූ 2 බැගින් දවාගනිමින් පෙළොන්නරුව ඒකාබද්ධ විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්තේය. එහිදී පන්දු 62 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් රැස්කළ රිච්මන්ඞ් පිලේ නායක සිතාර ගිම්හාන්, තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
රිච්මන්ඞ් විදුහල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 149
(සිතාර ගිම්හාන් නොදැවී 68, කමිඳු මෙන්ඩිස් 18, නිපුන් චතුරංග 27/2, සඳමාල් ද සිල්වා 29/2)
පෙළොන්නරුව ඒකාබද්ධ විදුහල් පිල - ඕවර 19 කදී සියලූ දෙනා දැවී 76
(උචිත දසනායක 22, ළහිරු පි‍්‍රයලාල් 14, වනිඳු හසරංග 18/2, චරිත් අසලංක 16/2 අවිඳු තීක්ෂණ 4/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.