අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල සියලු ශාන්තුවරුන්ගේ විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල් ‘බී’ කණ්ඩායම අතර නාගොඩ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රිච්මන්ඞ් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී රිච්මන්ඞ් විදුහලේ අකිඳු නානායක්කාර නොදැවී ලකුණු 51 ක් රැස්කළ අතර එම විදුහලේම සිනිත් සිසාන් ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
සියලු ශාන්තුවරුන්ගේ විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 111
(යෙහාන් සස්මිත 37, සිනිත් සිසාන් 24/5, ප්‍රවීන් ලසිත 32/2)
රිච්මන්ඞ් විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 39.1 කදී කඩුලු 9 ක් දැවී 120
(අකිඳු නානායක්කාර නොදැවී 51, මලිත් සුදර්ශන 36, හසරු රසාංජන 26/4, ක්‍රිෂ්ණ උත්පල 36/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.