Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලීග් තරගාවලිය හෙට සිට

යොවුන් ලීග් තරගාවලිය හෙට සිට

editorial - 2023 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් යොවුන් ක්‍රිකට් තරගාවලිය හෙට (21 වැනිදා) ආරම්භ වෙයි. කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය, වයස 15 න් පහළ ක්‍රීඩකයන් අතර වන ඕවර 50 එක්දින තරගාවලියකි. 

පාසල් වලින් තෝරාගන්නා ලද 15 න් පහළ ක්‍රීඩකයන් දඹුල්ල, මහනුවර, ගාල්ල, කොළඹ උතුර සහ කොළඹ දකුණ යන කණ්ඩායම් වලට බෙදා තරගාවලිය පැවැත්වෙයි. වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී, ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙයි. 

මූලික වටයේ තරග වලින් පසුව ප්‍රසාද ලකුණු පුවරුවේ 1 සහ 2 කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොවැම්බර් 29 වැනිදා, කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතය. 

 

 - 213


අදහස් (0)

යොවුන් ලීග් තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.