වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී මාස් ඇක්ටිව් පිල පරදවා කඩුලූ 5 කින් ජයගැනීමට මාස් යුනිචෙලා අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට මාස් ඇක්ටිව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 256 ක් රැස් කිරීමට සමත් විය. තිලකරත්න සම්පත් පන්දු 126 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 107 ක් ලබා ගැනීමට සමත්විය. මාලිංග බංඩාර ලකුණු 40 කට කඩුලු 4 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.
ලකුණු 257 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම ඕවර 47.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. මහේල උඩවත්ත (නොදැවී 85) සහ කුසල් ජනිත් (65) අර්ධ ශතක ලබා ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
මාස් ඇක්ටිව් ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 256
(තිලකරත්න සම්පත් 107, සමීර සොයිසා 33, ගීත් අල්වීස් 24, ඇන්ඩි සොළමන් 23, මාලිංග බංඩාර 40/4, (තිලකරත්න ඩිල්ශාන් 48/2)
මාස් යුනිචෙලා ඕවර 47.5 කදී කඩුලූ 5 ක් දැවී 257
(මහේල උඩවත්ත නොදැවී 85, කුසල් ජනිත් 65, ප‍්‍රසන්න ජයවර්ධන 37, ළහිරු ජයරත්න 25, ගීත් අල්වීස් 27/2, සචිත‍්‍ර සේරසිංහ 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.