අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බදුරලිය ක‍්‍රිකට් සමාජය සහ යුද හමුදා පිල අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන යුද හමුදා පිලේ අජන්ත මෙන්ඩිස් (37/3) සහ සීකුගේ ප‍්‍රසන්න (34/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ජයග‍්‍රහණයේ නියමුවෝ බවට පත්වූහ.
බදුරලිය ක‍්‍රිකට් සමාජය ඕවර 40.2 කදී සියලූ දෙනා දැවී 153
(අමල් ඇතුළත්මුදලි 21, ඇන්ඩි සොලමන්ස් 29, සුරේෂ් නිරෝෂාන් 28, අසේල ගුණරත්න 20/3, අජන්ත මෙන්ඩිස් 37/3, සීකුගේ ප‍්‍රසන්න 34/3)
යුද හමුදා ඕවර 44.2 කදී කඩුලූ 7 ට 154
(අදීෂ තිලංචන 33, මංජුල ද සොයිසා 27, අසේල ගුණරත්න 15, ශාලික කරුණානායක නොදැවී 25, අජන්ත මෙන්ඩිස් නොදැවී 24, මිලින්ද සිරිවර්ධන 22/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.