Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ලකුණු 345 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය

යාපනය ලකුණු 345 ක් පසුපසින්

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගය තෙවැනි දිනය (18 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි යාපනය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 274 ක් ලබා සිටියේය. 

ඒ අනුව යාපනය කණ්ඩායම කඩුලු 2 ක් ඇතැතිව දඹුල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 245 ක් පසුපසින් සිටින අතර තෙවැනි දිනය නිමාවට පත්වන විට ළහිරු මධුෂංක හතරේ පහර 3 ක් සමග ලකුණු 17 ක්ද, ශෂික දුල්ෂාන් හතරේ පහරක් සමග ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

යාපනය කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත (110) සමත් වූ අතර එය හතරේ පහර 13 කින් සමන්විත විය. ජනිත් ලියනගේ සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්ද්‍රගුප්ත සමත් වූ අතර ජනිත්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 619 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා යාපනය කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටි අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක හයේ පහර 2 ක් සහ හතරේ පහර 23 ක් සමග ලකුණු 240 ක් රැස්කළේය. චමිඳු වික්‍රමසිංහ (130) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 268 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පවන් සමත් විය. 


දඹුල්ල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 619 
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 35, සනෝජ් දර්ෂික 40, මිනෝද් භානුක 47, පවන් රත්නායක 240, සොනාල් දිනූෂ 69, චමිඳු වික්‍රමසිංහ 130, මර්වින් අබිෂාන් නොදැවී 17, ජනිත් ජයනගේ 65/2, ළහිරු මධුෂංක 79/2, රවිඳු ප්‍රනාන්දු 121/2, ශෂික දුල්ෂාන් 163/2) 

යාපනය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 274 
(නිෂාන් මධුෂංක 24, රොන් චන්ද්‍රගුප්ත 110, ජනිත් ලියනගේ 73, ළහිරු මධුෂංක නොදැවී 17, දුෂාන් හේමන්ත 76/3, මොහොමඞ් සිරාස් 40/2)  


අදහස් (0)

යාපනය ලකුණු 345 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.