Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ලකුණු 207 ක් පසුපසින්
ජාතික සුපිරි ලීගය - 2023

යාපනය ලකුණු 207 ක් පසුපසින්

editorial - 2023 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය (24 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි යාපනය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේය.

ඒ අනුව යාපනය ක්‍රීඩකයෝ කඩුලු 3 ක් අතැතිව දඹුල්ල කණ්ඩායමට වඩා තවත් ලකුණු 207 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට රවිඳු ප්‍රනාන්දු නොදැවී එක් ලකුණක් ලබා සිටි අතර  කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ ජෙෆ්රි වැන්ඩසේ ලකණු ලබා සිටියේ නැත.

පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 128 ක් එක්කර ගත්තේය. එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ පවන් රත්නායක හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 117 ක් රැස්කළේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 426
(ගයාන් මනීෂාන් 51, අභිෂේක් ලියනාරච්චි 37, පවන් රත්නායක 117, සනෝජ් දර්ෂික 47, අෂාන් පියන්ජන් 49, චමිඳු විජේසිංහ 28, දුෂාන් හේමන්ත 37, ළහිරු සමරකෝන් 43, ශෂික දුල්ෂාන් 131/6, ඒෂාන් මාලිංග 65/3)

යාපනය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 220  
(රොන් චන්ද්‍රගුප්ත 97, අවිෂ්ත තරිඳු 22, සධීර සමරවික්‍රම 34, ජනිත් ලියනගේ 23, ළහිරු මධුෂංක 34, වනිඳු හරසංග 42/3, දුෂාන් හේමන්ත 51/2)


අදහස් (0)

යාපනය ලකුණු 207 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.