Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය මැදි විදුහල කඩුලු 9 කින් උතුරු සටන ජය ගනී

යාපනය මැදි විදුහල කඩුලු 9 කින් උතුරු සටන ජය ගනී

editorial - 2023 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

යාපනය මැදි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති 160 වැනි ‘උතුරු සටන’ මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය මැදි විදුහල සෙනෙසුරාදා (11 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 9 ක ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

දෙවැනි දිනය වූ සිකුරාදා (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. කෙසේ වුවත් තරගයේ අවසන් දින‍යේදී ශාන්ත ජෝන් දෙවැනි ඉනිම ලකුණු 160 කට සීමා කිරීමට යාපනය මැදි විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රංජිත්කුමාර් නිව්ටන් සහ වික්නේස්වරන් පරූති කඩුලු 5 බැගින් බිඳහෙළමින් එහිදී ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ. පළමු ඉනිමේදීද කඩුලු 4 ක් දවාගත් නිව්ටන්, දෙවැනි ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමග ඉනි‍ම් දෙකේදීම දවාගත් කඩුලු සංඛ්‍යාව 9 ක් දක්වා ඉහළ දමාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මැදි විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 279 ක් රැස්කළේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ නිෂාන්තන් අජේ ලකුණු 74 ක්ද, ජගදීෂ්වරන් විතූසන් ලකුණු 71 ක්ද ලෙස අර්ධ ශතක ලබාගනිමින් යාපනට මැදි විදුහල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝන් විදුහලට යාපනය මැදි විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එහිදී රංජිත්කුමාර් නිව්ටන් ලකුණු 27 කට කඩුලු 4 ක්ද, අනන්තන් කාජන් ලකුණු 8 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

යාපනය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 66.2 කදී සියලු දෙනා දැවී 279
(නිෂාන්තන් අජේ 74, ජෙගතීස්වරන් විතූසන් 71, මතීස්වරන් සන්සායන් 42, සුතර්ෂන් අනුෂාන්ත් 27, යොගදාස් විතුෂන් 70/4, ඇන්ටන් අභිෂේක් 67/3, කිරුපනන්තන් කජකර්නාන් 38/2)

ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 127
(නේසකුමාර් ජෙසියල් 43, කමලපලන් සබේසන් 34, රංජිත්කුමාර් නිව්ටන් 27/4, අනන්තන් කාජන් 08/3, සුතර්ෂන් අනුෂාන්ත් 62/2)

ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 53.2 කදී සියලු දෙනා දැවී 160
(අරුල්සීලන් කවිෂාන් 37, කමලපල්න් ජනන්තන් 26, නේසකුමාර් ජෙසියල් 25, රංජිත්කුමාර් නිව්ටන් 53/5, වික්නේස්වරන් පරූති 58/5)

යාපනය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3.1 කදී කඩුල්ලක් දැවී 09


අදහස් (0)

යාපනය මැදි විදුහල කඩුලු 9 කින් උතුරු සටන ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.