Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය අවසන් තරගයට
නැෂනල් සුපර් ලීග් තරගාවලිය

යාපනය අවසන් තරගයට

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ධනංජය ද සිල්වා නායකත්වය දරන යාපනය කණ්ඩායම අද (4 වැනිදා)  සමත් විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් යාපනය ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගත්හ.

 
ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව මෙම මස 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යාපනය කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 92 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද් පරණවිතාන (නොදැවී 59) සහ නිෂාන් මධුෂංක (32) සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

යාපනය දෙවැනි ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ නිෂාන් මධුෂංක දැවී ගියේ නිසල තාරකගේ පන්දුවක් හමුවේ කවික දිල්ෂාන් අතට උඩ පන්දුවක් දෙමිනි. ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවකට ගැසූ හතරේ පහරකින් යාපනය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ නවෝද් පරණවිතාන හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 272
(ක්‍රිෂාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 114, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 48/5, ජෙෆ්රි වැන්ඩසේ 59/2, දිලුම් සුදීර 92/2)
 
යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 339
(නවෝද් පරණවිතාන 42, නිෂාන් මධුෂංක 24, සමින්ද ප්‍රනාන්දු 123, සදීර සමරවික්‍රම 32, නිපුන් මාලිංග 80, කවික දිල්ෂාන් 124/6, නලින් ප්‍රියදර්ෂන 68/2)

කොළඹ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 158
(කුසල් මෙන්ඩිස් 39, සිතාර ගිම්හාන් 18, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 54, ලක්ෂිත මානසිංහ 15, දිලුම් සුදීර 35/3, ජෙෆ්රි වැන්ඩසේ 22/2, ධනංජය ද සිල්වා 55/2)

යාපනය දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 95
(නවෝද් පරණවිතාන නොදැවී 59, නිෂාන් මධුෂංක 32)

 


අදහස් (0)

යාපනය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.