Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටු රන් හටන අද - හෙට

මොරටු රන් හටන අද - හෙට

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විිජේසූරිය)

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ගණනාවක්ම දායාද කළ මොරටුවේ ප්‍රධානතම පාසල් දෙක වන ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය අතර 74 වැනි වරටත් පැවැත්වෙන ‘මොරටු රන් හටන’ අද සහ හෙට (8 සහ 9) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

මේ දක්වා පැවැති මහ ක්‍රිකට් තරග 73 දී වේල්ස් කුමර විදුහල තරග 6 කින් ජයගෙන තිබේ. ශාන්ත සෙබස්තියන් විදුහල තරග 3 කින් ජයගෙන ඇත. තරගාවලියේ අවසන් වරට විසඳුමක් වාර්තා වූයේ වසර 2011 දී සනිත ද මැල්ගේ නායකත්වයෙන් යුත් ශාන්ත සෙබස්තියන් පිල ජයගැනීමෙනි. වේල්ස් කුමර විදුහල අවසන් වරට ජයග්‍රහණය කළේ 1977 දී පෙම්ලාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙනි.

මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී තරග 13 කට සහභාගි වූ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය තරග 6 කදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කළේය. කොටහේන ශාන්ත බෙනඩික්, මලියදේව, ගල්කිස්ස සාන්ත තෝමස්, මාතර ශාන්ත සර්වේශස්, කොළඹ ඩී. එස්. සේනානායක සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල් කණ්ඩායම් වලට එරෙහිව ජයගැනීමට සෙබස්තියානුවෝ සමත් වූහ. කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල හමුවේ පරාජය වූ නමුත් ඉතිරි තරග 6 ම ජය පරාජයෙන් තොරව අවසන් කළහ. 

කණ්ඩායමේ දක්‍ෂතම පිතිකරුවා වන විමත් දින්සර තරග 13 කදී ශතක දෙකක් ද සමගින් ලකුණු 745 ක් ලබා සිටී. තවමත් 16 හැවිරිදි කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 19 න් පහළ අන්තර් පාසල් තරගාවලියට පිවිසියේ සිය මංගල තරගයේදීම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ශතකයක් (126) ලබාගනිමිනි. කණ්ඩායමේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නා වන වමතින් දඟ පන්දු යවන මනූජ චන්තුක මෙවර තරග වාරයේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 84 කි. සෙබස්තියානුවන්ගේ බොහෝ ජයග්‍රහණයන්ට පදනම වූයේ මනූජ චන්තුකගේ පන්දු යැවීමයි. 

නිමාවෙමින් පවතින පාසල් ක්‍රිකට් වාරයේදී තරග 13 කට ක්‍රීඩා කළ වේල්ස් කුමරුවෝ ඒවායේදී පූර්ණ ජයග්‍රහණ 3 ක් ලබාගත්හ. පළමු ඉනිමේ ජයග්‍රහණ 5 ක් වාර්තා කළහ. 

කණ්ඩායමේ නායක අචල පෙරේරා පිට දඟ පන්දු යවමින් කඩුලු 62 ක් දවාගෙන සිටින අතර බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකි. සුවහස් ප්‍රනාන්දු ශතකයක් ද සමගින් ලකුණු 575 ක් ලබාගෙන තිබේ. කණ්ඩායමේ එකම ද්විත්ව ශතක ලාභියා වන ඔෂාන් ද සිල්වා කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත් අතර තරග 13 කදී ලකුණු 745 ක් රැස්කරගෙන තිබේ. 

දෙපිල අතර එක්දින සීමිත ඕවර තරගය ලබන ඉරිදා (10 වැනිදා) කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශාන්ත සෙබස්තියන් කණ්ඩායම 
ඉදිරිපෙළ (වමේ සිට දකුණට)
කැළුම් පෙරේරා මහතා (අභ්‍යාසක), සඳරු තරූෂ මහතා (කණ්ඩායම භාර ආචාර්ය), ගරු දිලූෂ චාමර පෙරේරා පියනම (ක්‍රීඩා පාලක), මංජුල චන්තුක (නායක), ගරු දයා දර්ශන පෙරේරා පියනම (විදුහල්පති), විමත් දින්සර (උපනායක), කනිෂ්ක පෙරේරා මහතා (කණ්ඩායම භාර ආචාර්ය), බ්‍රැඞ්මන් එදිරිවීර මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ කසුන් මලින්ද මහතා (සහාය පුහුණුකරු)
මැද පෙළ (වමේ සිට දකුණට)
තරිඳු දිලංක, ලශේන් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, ෂෙෆාන් ප්‍රනාන්දු, අදේශ් අල්මේදා, නවෝද් ප්‍රනාන්දු, නිරිඳු සිල්වා, උසේන් සිල්වා සහ ජානක සිල්වා, 
පසුපෙළ (වමේ සිට දකුණට)
සඳිනු කන්දගේ, ආකාශ් දිසානායක, දිනෙත් මල්ලවාරච්චි, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, යශින් ප්‍රනාන්දු, රයාන් දිසානායක, ෂෙනන් ද සිල්වා, ධනුක ප්‍රනාන්දු සහ නදීෂ් ප්‍රනාන්දු

 

වේල්ස් කුමර විදුහල් කණ්ඩායම 
අසුන්ගෙන (වමේ සිට දකුණට)
රිවිත් ජයසූරිය, කසුන් දේවප්‍රිය මහතා (ක්‍රීඩා පාලක), රංජිත් අයිලප්පෙරුම මහතා (නියෝජ්‍ය විදුහල්පති), අචල පෙරේරා (නායක), හසිත කේසර මහතා (විදුහල්පති), උනෙත් පීරිස් (උප නායක), සරත් තිලකරත්න මහතා (කණ්ඩායම භාර ආචාර්ය), කැළුම් ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), සහ සිතුම් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු)
සිටගෙන (වමේ සිට දකුණට)
නෙතුල් අනුහස්, ප්‍රසන්න ලක්මිණ, සචිර ඬේමියන්, සුහස් රණවන, පසන් කුරේ, ඔෂාන් මනීෂ, සුවහස් ප්‍රනාන්දු, ප්‍රින්ස් ප්‍රනාන්දු, රසිඳු ප්‍රනාන්දු, ගවේෂ රෝහණ, රුසඳු සිල්වා, නවීන් ප්‍රනාන්දු සහ මතීෂ අපෝන්සු


අදහස් (0)

මොරටු රන් හටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.