Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ආසියානු කලාපයේ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමක ජනප්‍රිය තීරණය වන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමය. මුල් ඉනිමේදී හැකිතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ගොඩගසා ගැනීම නායකයන්ගේ අභිලාශය වූවත්, ගාල්ල ක්‍රීඩාංගණයේදී අද දිනයේදී පමණක් කඩුලු 13 ක් බිඳ වැටිණ.
වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ මුල් දිනය වූ අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය. කඩුලු 7 ක් අතැතිව සිටින ඕස්ට්‍රේලියානුවෝ, ඒ වන විට ලකුණු 114 කින් ශ්‍රී ලංකාවට ආසන්න වී සිටියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 212 කි. දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නමුත්, නේතන් ලයන් - ඩේවිඩ් වෝනර් බාධකය විසින් පිතිකරුවන් දෙදෙනාගේම ඉනිම කෙටි කරන ලදි.
තේ පානයෙන් පසුව පැය එක හමාරකට ආසන්න කාලයක් පිති හරඹ කළ ඕස්ට්‍රේලියානුවන් මෙල්ල කිරීමට රමේෂ් මෙන්ඩිස් දැඩි පරිශ්‍රමයක නිරත වූවත්, සෙසු දඟ පන්දු යවන්නන්ට සාර්ථක්වයක් ලබාගත නොහැකි විය. යම් හෙයකින් උස්මන් කවාජා ලකුණු 36 ක් ලබා සිටියදී, දික්වැල්ල වෙත ලැබුණු ස්ටම්ප් කිරීමේ අවස්ථාව ග්‍රහණය කරගත හැකිවූයේ නම්, පළමු දිනය නිමාවේදී කණ්ඩායම් දෙකම කරට කර සිටින්නට තිබිණ.
කෝඩුකාරයා වූ ජෙෆ්රි වැන්ඩසේ යැවූ පන්දුවක් හමුවේ උස්මන් කවාජාගේ උඩපන්දුවක් රැකගත්තේ යයි දික්වැල්ල කළ ඉල්ලීම නිෂ්ප්‍රභා වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ විතීවි අවස්ථා තුනෙන් එකක් ගිළිහී ගියේය. එසේ වුවත්, ස්ටීවන් ස්මිත් දුවද්දී දවාගැනීම සඳහා, කුසල් මෙන්ඩිස් වෙත පන්දුව වීසි කළ නිරෝෂන් දික්වැල්ල, පළමු දිනයේදී ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කාරයා වූයේය
ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී, අසම්මත පිතිහරඹයකට පිවිසි දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීමට ඉදිරිපත් විය. ඔහුගේ අසම්මත පිතිහරඹය කිනම් ආකාරයේ වීද යත්, ටෙස්ට් තරගයකදී ඉතාමත් කළාතුරෙකින් දැකගත හැකි, ඩිල් ස්කූප් පහර පවා දික්වැල්ලගේ ඉනිමට ඇතුළත් වූයේ, රිවර්ස් ස්වීප් පහර ගනණාවකට අමතර වශයෙනි.
පිත්තෙන් යළි අසාර්ථක වූ නමුත්, ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් අගනා මෙහෙවරක නිරත වූ ඩේවිඩ් වෝනර් ස්ලිප් හි සිටිමින්, විශිෂ්ට උඩපන්දු තුනක්ම රැකගත්තේය. දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනාම වෝනර්ගේ උඩපන්දු රැකගැනීම් හමුවේ ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
තරගයට පෙර කී ආකාරයෙන්ම ඕස්ට්‍රේලියානුවෝ මෙම තරගය සඳහා වෙනස් ආකාරයේ සැලසුම් සකස් කර තිබේ. ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි ඕවරයේදීම පිට දඟ පන්දු යවන නේතන් ලයන් පන්දු යැවීමට කැඳවූයේ නායක පැට් කමින්ස්ගේ ඕවර 2 කින් ශ්‍රී ලංකා පිතිකරුවන් එක ලකුණක් පමණක් ලබාගෙන සිටියදීය. එහෙත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ඕස්ටේ්‍රලියානු නායකයා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 212 කට සීමාකළා පමණක් නොව, සිය ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නාට, 20 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගැනීමේ අවස්ථාව දුන්නේය.
තරගයේ දෙවැනි දින ක්‍රීඩාව හෙට (30 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වේ.
(ඡායාරූප - හිමත් මතීෂ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.