Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුල් දිනයේ ගෞරව සෙබස්තියන් පිලට

මුල් දිනයේ ගෞරව සෙබස්තියන් පිලට

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භ වූ 66 වැනි මොරටු රන් හටනේ පළමු දිනය අවසන් වන විට වේල්ස් කුමර විදුහලේ කඩුලූ 8 ක් ලකුණු 89 කට බිම දැමූ සෙබස්තියානුවෝ පළමු දිනයේ සියලූ ගෞරව දිනාගත්හ.


කාසියේ වාසිය දිනාගත් ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ නායක අවිශ්ක ප‍්‍රනාන්දු, කිසිදු පැකිළීමකින් තොරවම පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් සෙබස්තියන් පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි.


ප‍්‍රවීන් පෙරේරා සහ සඳරුවන් ප‍්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක හොඳ සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ලකුණු 14 ක් ඇතුළත කඩුලූ 3 ක් දවාගැනීමට ඩිලංග මධුරංග සමත්වීම හේතුවෙන් ලකුණු පුවරුව කඩුලූ 4 කට 59 ක් සේ වෙනස් විය. සෙබස්තියන් පිලේ අටවැනි කඩුල්ලත් ලකුණු 110 දී බිඳ වැටුණද 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ නිමේෂ් බණ්ඩාර සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම එක්ව ලකුණු 180 සීමාවට තම පිල කැඳවාගෙ ගියහ.


අපේක්‍ෂා කළ  තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වූවද දිරිමත් වූ සෙබස්තියන් පන්දු යවන්නෝ 30 වැනි ලකුණ පුවරුවට එක්වීමටත් පෙර වේල්ස් කුමරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූහ.


පන්දු රකින්නන්ගෙන් ලද සාර්ථක සහයෝගය මත දුවද්දී දැවීයාම් දෙකක්ද ලබාගත් සෙබස්තියන් කී‍්‍රඩකයෝ වේල්ස් කුමරුවන්ගේ 8 වැනි කඩුල්ලත් ලකුණු 86 දී බිම දැම්මේ පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුවීමේ පීඩනයට වේල්ස් කුමරුවන් නතු කරමිනි. එහෙත් දිනය අවසන් වන තුරු තම කඩුලූ රැුකගත් නායක තිලාන් නිමේෂ් සහ සවිඳු පීරිස් සැනසුම් සුසුම් හෙළමින් තරගය නවතා ආපසු කී‍්‍රඩාගරයට යද්දී ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එක්වී තිබිණ.


හෙට (12 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

 

ලකුණු පුවරුව


ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම


ප‍්‍රවීන් පෙරේරා - ඇ.චතුරංග ප.මධුරංග     29
සඳරුවන් ප‍්‍රනාන්දු - ක.මු.කළා ප.මධුරංග    17
අවිශ්ක ප‍්‍රනාන්දු - ප.මධුරංග    2
ඬේමියන් ඩිබෘයිසර් - ඇ.චතුරංග ප.අවිඳු    1
නුවන්ග ප‍්‍රනාන්දු - ක.මු.කළා ප.නිමේෂ්    5
මිෂේන් සිල්වා - ප.නිමේෂ්    15
තරූෂ ප‍්‍රනාන්දු - ප.නිමේෂ්    27
සචින්ත සිල්වා - ප. සවිඳු පීරිස්    0
නිමේෂ් බණ්ඩාර - නොදැවී    44
ප‍්‍රවීන් ජයවික‍්‍රම - ඇ.පීරිස් ප.ඩිලේෂ්    23
තෂික පෙරේරා - ඇ.ඩිලේෂ් ප. සවිඳු පීරිස්    8
අතිරේක    17
එකතුව  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී     188


කඩුලූ වැටීම :
1-45, 2-50, 3-55, 4-59, 5-72, 6-100, 7-109, 8-110, 9-155, 10-188


පන්දු යැවීම :
අවින්ද ප‍්‍රනාන්දු : 6-0-33-1, ඩිලංග මධුරංග : 12-2-33-3, කසුන් ඒකනායක : 4-1-08-0, තිලාන් නිමේෂ් : 11-2-24-3, ඩිලේෂ් නානායක්කාර : 8-1-38-1, සවිඳු පීරිස් : 7.5-0-42-2, සඳුන් සොයිසා : 1-0-06-0


වේල්ස් කුමර විදුහල  - පළමු ඉනිම


සඳුන් සොයිසා - ක.මු.කළා ප.ජයවික‍්‍රම    18
විශ්ව චතුරංග - ඇ.නුවනිඳු ප.තෂික    5
කසුන් ඒකනායක - ඇ.සඳරුවන් ප.මිෂේන්    6
විහ`ග වීරක්කොඩි - ඇ.සඳරුවන් ප.බණ්ඩාර    8
සුවත් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා    6
සනෝජ් දර්ශක - ඇ.සඳරුවන් ප.ජයවික‍්‍රම    17
අවිඳු ප‍්‍රනාන්දු - දුවද්දී දැවී ගියා    15
ඩිලංග මධුරංග - ක.මු.කළා ප.බණ්ඩාර    11
තිලාන් නිමේෂ් - නොදැවී     2
සවිඳු පීරිස් - නොදැවී     1
අතිරේක    0
එකතුව  ඕවර 47 කදී කඩුලූ 8 ක් දැවී     89


කඩුලූ වැටීම
1-06, 2-29, 3-29, 4-39, 5-51, 6-65, 7-82, 8-86


පන්දු යැවීම
මිෂේන් සිල්වා : 8-3-09-1, තෂික පෙරේරා : 5-1-21-1, ප‍්‍රවීන් ජයවික‍්‍රම : 16-7-21-2, නිමේෂ් බණ්ඩාර : 11-0-23-2, සචින්ත සිල්වා : 3-0-09-0, තරුෂ ප‍්‍රනාන්දු : 4-1-06-0

 


අදහස් (0)

මුල් දිනයේ ගෞරව සෙබස්තියන් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.