Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුරලිගෙන් කඩුලූ 2 ක්, බැංගලෝර් පිලට ජය

මුරලිගෙන් කඩුලූ 2 ක්, බැංගලෝර් පිලට ජය

ශනුක අරවින්ද - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ බැංගලෝර්හි චින්නසාමි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
 
ජයග‍්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹායන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණි.

හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 30 කදී ලකුණු 48 ක් රැුස්කිරීමට ජේ. පී. ඩුමිනි සමත්වූ නමුත් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

මෙවර තරගාවලියේදී තම දෙවැනි තරගයට සහභාගී වූ මුත්තයියා මුරලිදරන්  ඕවර 4 ක් යවා ලකුණු 25 කට කඩුලූ 2 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නායක කෙවින් පීටර්සන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තේය.

එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ යුවරජ් සිං පන්දු 29 කින් ලකුණු 68 ක් රැස්කළේ පන්දුරකින්නන් නරඹන්නන් බවට පත්කරමිනි. ඔහුගේ එම ප‍්‍රවේගකාරී ඉනිමට හයේ පහර 9 ක් සහ එක් හතරේ පහරක් ඇතුලත් විය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 4 කට 186
(කි‍්‍රස් ගේල් 22, පාර්තිව් පටේල් 29, ඒ. බී. ඩිවිලියස් 33, යුවරාජ් සිං නොදැවී 68, සචින් රානා 15)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 කට 170
(මායන්ක් අගර්වාල් 31, කෙවින් පීටර්සන් 33, ජේ. පී. ඩුමිනි 48, මිචෙල් ස්ටාර්ක් 37, මුත්තයියා මුරලිදරන් 25/2, මිචෙල් ස්ටාර්ක් 26/2)

-036

 


අදහස් (0)

මුරලිගෙන් කඩුලූ 2 ක්, බැංගලෝර් පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.