බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම සහ හොබාට් හරිකේන්ස් කණ්ඩායම අතර අද (01 වැනිදා) පැවති වි:20 තරගයෙන් ලකුණු 51 ක් ජයක් වාර්තා කිරීමට මුත්තයියා මුරලිදරන් කී‍්‍රඩා කරන මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය හොබාට් හරිකේන්ස් කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 111 ක් පමණි. තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ජේම්ස් පැටින්සන් ලකුණු 24 කට කඩුලූ 4 ක් දවාගත් අතර මුත්තයියා මුරලිදරන් 15 කට කඩුලූ 2 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම කඩුලූ 8 ක් දැවී ලකුණු 162 ක් රැස්කළ අතර එහිදී නායක ඒරන් ෆින්ච් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 31 කදී වේගවත් ලකුණු 50 රැුස්කිරීමට සමත්විය.
මෙල්බර්න් රෙනගේඞ්ස් ඕවර 20 කදී කඩුලූ 8 කට 162
(ඒරන් ෆින්ච් 50, මයිකල් හිල් 40, ජොස් බට්ලර් 20, ටොම් කූපර් 17, බෙන් ලව්ලින් 16/3, ඩග් බොලින්ජර් 32/2)
හොබාට් හරිකේන්ස් ඕවර 17.1 කදී සියුලූදෙනා දැවී 111
(ටේ‍්‍රවිස් බර්ට් 21, ජොනතන් වෙල්ස් 17, ටිම් පේන් 31, ඊවන් ගල්බිස් 16, ජේම්ස් පැටින්සන් 24/4, නාතන් රිමින්ටන් 12/2, මුත්තයියා මුරලිදරන් 15/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.