Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගයේදී තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී සිටින මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකයෝ, ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 2 ක් ලබාගනිමින් ජයග්‍රාහී සීමාව පසුකර ගියහ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ රෝහිත් ශර්මා පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.
ඉෂාන් කිෂන් (31) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී තිලක් වර්මා (41) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ඉෂාන්ගේ ඉනිම හතරේ පහර 6 කින්ද, තිලක්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහරකින්ද සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට නායක ඩේවිඩ් වෝනර් (51) සහ අක්සර් පටේල් (54) සමත් වූහ. වෝනර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක්ද, පටේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක්ද ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ පියුෂ් චවුලා ලකුණු 22 කට කඩුලු 3 ක්ද, ජේසන් බෙරන්ඩොර්ෆ් ලකුණු 23 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් දිල්ලි පිතිකරුවන් අසරණ කළ අතර ඒ සදහා ඔවුන්ට අනගි සහායක් දුන් රිලී මෙරිඩිත් ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 172
(ඩේවිඩ් වෝනර් 51, ප්‍රිත්වි ෂෝ 15, මනීෂ් පාණ්ඩේ 26, අක්සර් පටේල් 54, පියුෂ් චවුලා 22/3, ජේසන් බෙරන්ඩොර්ෆ් 23/3, රිලී මෙරිඩිත් 34/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 173
(රෝහිත් ශර්මා 65, ඉෂාන් කිෂන් 31, තිලක් වර්මා 41, ටිම් ඩේවිඩ් නොදැවී 13, කැමරන් ග්‍රීන් නොදැවී 17, මුකේෂ් කුමාර් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.