ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (12) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 7 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් විය.
මුම්බායි පිල ලකුණු 158 ක ඉලක්කය ඕවර 18.4 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
පළමු කඩුල්ල ලකුණු දෙකක්ව තිබියදී බිද වැටීමෙන් පසු ලිඞ්ල් සීමන්ස් (68) සහ අම්බාටි රයිදු (68) දෙවැනි කඩුල්ලට ලකුණු 130 සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග‍්‍රහණය ආසන්නයට ගෙන ඒමට සමත් වූහ.
අම්බාටි රයිදු අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 46 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය. ලිඞ්ල් සීමන්ස් පන්දු 50 කදී හතරේ පහර 5 සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 68 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලේ ඒරන් ෆින්ච් (68) සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 55) තෙවැනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 157 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.
ඬේවිඞ් වෝනර් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත් විය. ඒරන් ෆින්ච් පන්දු 62 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 68 ක් රැස් කළේය.
මුම්බායි පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලූ දෙකක් දවා ගත්තේය. මාලිංග මේ වන විට මෙවර තරගාවලියේ තරග 9 කදී කඩුලූ 15 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
කාසියේ වාසිය ලැබූ හයිද්‍රාබාද් පිලේ නායක ශීකර් දාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 157 (ඒරන් ෆින්ච් 68, ශීකර් දාවන් 11, ඬේවිඞ් වෝනර් නොදැවී 55, ලසිත් මාලිංග 35/2)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.4 කදී කඩුලූ 3 ට 160 (ලින්ඞ්ස් සීමන්ස් 68, අම්බාටි රයිදු 68, රෝහිත් ශර්මා නොදැවී 14, බුවනේෂ්වර් කුමාර් 21/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.