Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුද්දූව මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කෙරේ

මුද්දූව මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කෙරේ

editorial - 2024 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඡායාරූප සහ විස්තර - රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක ජ්‍යාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩාංගන ඉදිකිරිමේ වැඩසටහන  යටතේ  ඉදිකරන ලද  රත්නපුර මුද්දූව මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගනය පසුගිය සෙනසුරාදා (මාර්තු 30) විවෘත  කරන ලදි. ඉදිරි මාස තුනක් තුල මේ ක්‍රීඩාංගනයේ ඉතුරු වැඩ සියල්ලම අවසන් කරන බව  ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය කියයි. 

“මේ වසරේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම රුපියල් බිලියන 25ක්  දක්වා වැඩිවෙනවා. ලංකාවේ ක්‍රීඩා හෝ වෙනත් අමාත්‍යාංශවලින් එවන් අරමුදලක් හොයාගන්න බෑ.අපි ජනතාවගේ  බදුමුදල් හෝ රජය හෝ වෙනත් කිසිම ආයතනයක මුදල් අපි මේ ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩ සඳහා භාවිතා කර නෑ.“ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා පැවසීය. 

“2016 දී තමයි මේ වැඩපිළිවෙළ ආරම්භ,කළේ.  මේ වනවිට ඌව පළාතේ  දිස්ත්‍රික් තුනක   ක්‍රීඩාංගණ තුනක් දැන් තියෙනවා.

“මේ වනවිට   ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සඳහා පාසල් 850ක්  සම්බන්ධවෙනවා . මේ වසර අවසන් වනවිට  ක්‍රිකට් පාසල් 1000ක් දක්වා ඒ ප්‍රමාණය  වැඩිවනවා. පාසල් 10,000ක්  තිබෙන ශ්‍රී ලංකාවේ පාසල් 9000 ක ළමුන්ට ක්‍රීඩා කරන්න සුදුසු තැන් නැහැ. ක්‍රිකට් ක්‍රිඩාවේ  සංවර්ධනය උදෙසා  උපකාර වන  අයුරින්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ටම ක්‍රිකට් කණ්ඩායම් 331 ක් ඉදිරි වසර  05 තුලදී අපි  නිර්මාණය කරනවා. සෑම දිස්ත්‍රික්කයකින්ම  එක් දරුවෙකු වශයෙන්  හෝ ජාතික කණ්ඩායම  නියෝජන  අවස්ථාවට   පත් කිරීමට   අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“ යයි ද සුජීව ගොඩලියැද්ද මහතා පැවසීය. 

මේ උත්සවය සඳහා එක්වූ රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති සහ සබරගමු පළාත් සභාවේ සභාපති  කංචන ජයරත්න මහතා  පැවසුවේ, මේ ක්‍රීඩාංගනය පරිහරණය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රීඩා දස්කම් ඔපමට්ටම් කරගත් ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක පිරිසක් බිහිවනු දැක්ම රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය අභිලාෂය බවයි.

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීම සංකේතවත් කරමින්  ක්‍රීඩාංගන තරඟ සමාරම්භය සනිටුහන් කිරීමට  පිටියට පිවිසුණු  හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක සනත් ජයසූරිය මහතා  සහ විස්සයි-20 කණ්ඩායම් නායක වනිඳු හසරංඟ,  ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ ශතක ජය ලබන පැතුම් නිශ්ශංක යන තිදෙනාගේ  පිත්තෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවන්   බොහෝදෙනාගේ  ආකර්ශනය දිනාගත් දසුනක් විය. 

මෙම උත්සව අවස්ථාවේ  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති  ශම්මි සිල්වා මහතා විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජයන්හි විශේෂ කුසලතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇගයුමට සම්මාන ප්‍රදානයත් සිදුවිය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති විසින් ක්‍රිකට් ක්‍රීඩා සමාජ දහයකට පිටිය සඳහා පැදුරු  ප්‍රදානයත් සංකේතවත්ව සිදුකෙරුණි.

මේ උත්සවය සඳහා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් , රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නිලධාරීන් සහ වනජීවී, වනසංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පළාත් පාලන, පළාත් සභා  හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා ඌව පළාත් ක්‍රිකට් සංගමය සභාපති ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිස එක්වූහ .

 

රත්නපුර මුද්දූව මොණරවිල ක්‍රීඩාංගනය විවෘත කළ අවස්ථාවදී  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සහභාගිවූ  පිරිස

 

රත්නපුර මුද්දූව මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කළ අවස්ථාව සමරු ඵලකය නිරාවරණය කළ හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක සනත් ජයසූරිය සහ විස්සයි විස්ස කණ්ඩායම් නායක වනිඳු හසරංග
 

 

රත්නපුර මුද්දූව මොණරවිල ක්‍රීඩාංගනය 


අදහස් (0)

මුද්දූව මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.