Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුදිත ඩි.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

මුදිත ඩි.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 95 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලය සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් තුන් ඉරියව් දස්කම් දක්වමින් ශතකයක් සහ ලකුණු 56 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය.


ශා.බෙනඩික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 22 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(කවීශ ජයතිලක 26, සචින්ත හෙට්ටිගේ 12/3, මුදිත ලක්ෂාන් 16/3, පසිඳු ආදිත්‍ය 29/3)

ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 300
(මුදිත ලක්ෂාන් 127, පසිඳු ආදිත්‍ය 39, දසුන් දිමාශ 36, සචින්ත හෙට්ටිගේ නොදැවී 25, ශෙනාල් චන්ද්‍රසේකර 24, මහේෂ් තීක්ෂණ 92/5, ඉමේෂ් ප්‍රනාන්දු 32/2)

ශා.බෙනඩික් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.2 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(කවීශ ජයතිලක 34, මහේෂ් තීක්ෂණ 20, මුදිත ලක්ෂාන් 40/6, පසිඳු ආදිත්‍ය 17/2)

 


අදහස් (0)

මුදිත ඩි.එස්.සේනානායක විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.