Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුණවීරගෙන් වේගවත් ශතකයක්

මුණවීරගෙන් වේගවත් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා) පැවති තරගයකදී මුවර්ස් පිල පරදවා ලකුණු 124 කින් ජය ගැනීමට බ්ලූම්ෆීල්ඞ් පිල අද සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට බ්ලූම්ෆීල්ඞ් පිලට ආරාධනා කල අතර  ඕවර 37.3 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 282 ක් රැුස් කිරීමට සමත්විය. පන්දු 124 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට ඩිල්ශාන් මුණවීර සමත්වු අතර ප‍්‍රිමෝශ් පොරේරා (64) සමග එක්ව පළමු කඩුල්ල සදහා ලකුණු 187 ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නටද සමත්විය.

ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් පිල  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 158 ක් පමණී.

බ්ලූම්ෆීල්ඞ්  ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 282
(ඩිල්ශාන් මුණවීර 142, ප‍්‍රිමෝශ් පොරේරා 64)

මුවර්ස්  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 158
(ඉෂාන් ගවුස් 49, කෞශල්‍ය ගජසිංහ 39, ඉම්රාන් ඛාන් 29/3, නුවන් ප‍්‍රදීප් 19/2, සුරාජ් රංදිව් 30/2)

 


අදහස් (0)

මුණවීරගෙන් වේගවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.