ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භය පිළිබදව ගැටඵවක් පවතින බවත් එය සම්පූර්ණ කිරීමට හැකිවූ දවසට ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමට සූදානම් බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කරයි.
නවසීලන්තයේදී ක‍්‍රික් ඉන්ෆෝ පුවත් සේවයට පෙරේදා අසහස් දක්වමින් හෙතෙම සඳහන් කර තිබුණේ තවත් වසර දෙක තුණක් වුවත් තමන්ට ක‍්‍රීඩාකළ හැකි බවයි.
එක් දින හා විස්සයි 20 තරග තවදුරටත් කී‍්‍රඩා කිරීම මගේ බලාපොරොත්තුවයි. ලෝක කුසලානයෙන් පසුව මගේ නායකයා සමග හා කණ්ඩායටම් කළමනාකරුත් සමග මගේ අනාගත කාර්යභාර්යය ගැන කතා කරනවා. ඔවුන්ට මගෙන් කාර්යභාර්යයක් තියෙනවා කියල, ඔවුන් හිතුවොත් මම මගේ රටට තව දුරටත් ක‍්‍රීඩා කරනවා. මගේ වර්තමාන රිද්මය හා සෞඛ්‍ය තත්ත්වය අනුව තවත් වසර දෙක තුනක්, නැත්නම් 2019 ලෝක කුසලානය තෙක් පවා මට ඉතා පහසුවෙන් ක‍්‍රීඩා කළ හැකියි.
මීට වසර දෙකකට පෙර මම ටෙස්ට් කී‍්‍රඩාවෙන් සමුගෙන තරුණයෙකුට ඉඩ දුන්නා. මම කණ්ඩායමට ප‍්‍රමාණවත් නෑ... කියල හිතුණ වෙලාවට ඒ දේම ටෙස්ට් හා විස්සයි 20 තරගවලටත් කරනවා. මම ඒ තීරණය තාම අරගෙන නෑ. මොකද අපිට ඉන්න හොඳ කී‍්‍රඩකයන් දෙදෙනෙක් එක්දින පිටියෙන් සමුගන්නවා.
මම හිතනවා මගේ අත්දැකීම් නායකයාට හා කණ්ඩායමට වැදගත් වේවි කියලා. අපිට ආරම්භය ගැන ගැටඵවක් තියෙනවා. ඒ අඩුව මගේ අත්දැකීමෙන් පුරවන්න පුඵවන් වුණ දවසට මම සමුගන්නවා. යැයි ඩිල්ෂාන් සඳහන් කරයි.
2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ එම කාල සීමාව වන විට ශාරීරික යෝග්‍යතාව තබාගත හැකිනම් එම තරගාවලියටද ක‍්‍රීඩා කළ හැකි බවයි.
”ඒ වෙනකොට මගේ වයස 42ක්. මගේ ශාරීරික යෝග්‍යතාව තරුණ කී‍්‍රඩකයන් හා තබාගැනීමට පුඵවන් වුණොත් මට ක‍්‍රීඩා කරන්න පුඵවන්. පාකිස්තාන නායක මිස්බා උල් හක් ට දැන් වයස අවුරුදු 40යි. ඔහු තවමත් ක‍්‍රීඩා කරනවා. වයස වැදගත් නෑ කණ්ඩායමට දක්වන දායකත්වයයි වැදගත්.”
එක් දින පිටියේ ලකුණ 10000 සීමාවට (09425) ලකුණු 575 හා කඩුලු 100 (97) කඩඉමට කඩුලු 3ක අඩුවක් ඩිල්ෂාන්ට පවතියි. ඒ පිළිබදව අදහස් දක්වන ඩිල්ෂාන් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේ ලකුණු 10000 සීමාව ඉක්මවා යා හැකිනම් එය කණ්ඩායමට වැදගත් වෙනවා මෙන්ම ඉදිරි ජයග‍්‍රහණ සඳහා වැදගත් වෙනු ඇති බවයි.
”2009 වසරේ මම ශතක 19ක් මෙන්ම ලකුණු 6000 ට වඩා වාර්තා කර තිබෙනවා. මම වාර්තා කර තිබෙන තරග 20න් 16ක් ම අපි ජයගෙන තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයි. මා නාවකයෙකු ලෙස ටෙස්ට් එක්දින හා විස්සයි 20 තරග තුනේදීම ශතක රැස්කර තිබෙනවා. කිසිම නායකයෙකු ඒ දේ කරල නෑ.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
ඔසේම සිය ඩිල්ස්කූප් පහර පිළිබඳව අදහස් සක්වමින් ඩිල්ෂාන් සඳහන් කරන්නේ තමන් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යන විට තරුණ ක‍්‍රීඩකයන්ට කතා කිරීමට දෙයක් ඉතිරිකර යාමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.