Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අමීත් මිෂ්රාගේ (24/4) දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. මෙතෙක් පැවැති තරගවලදී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ආරම්භක පිතිකරු ශිකර් ධවාන් මෙම තරගයේදීද පන්දු 42 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් (33) සමග එක්ව දිල්ලි කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධවාන් සමත් විය. පන්දු 29 කදී වාර්තා වූ ස්මිත්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමීත් මිෂ්රා ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන වට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කළ මිෂ්රා, එහිදී කඩුලු 4 ක් බිඳහෙළීය.
මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9 දී බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් සූර්යකුමාර් යාදව් (24) සමග එක්ව පන්දු 29 කදී ලකුණු 58 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක රෝහිත් ශර්මා (44) සමත් විය. පන්දු 30 කට මුහුණදුන් ශර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.
පන්දු 15 කදී වාර්තා වූ යාදව්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර ඉෂාන් කිෂන් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, ජයන්ත් යාදව් පන්දු 22 කදී හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 137
(රෝහිත් ශර්මා 44, සූර්යකුමාර් යාදව් 24, ඉෂාන් කිෂන් 26, ජයන්ත් යාදව් 23, අමීත් මිෂ්රා 24/4, අවේෂ් ඛාන් 15/2)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 4 කට 138
(ශිකර් ධවාන් 45, ස්ටීවන් ස්මිත් 33, ලලිත් යාදව් නොදැවී 22, ශිම්රන් හැට්මෙයර් නොදැවී 14)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.