Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිනෝද් භානුකගෙන් නායකත්වයේ ඉනිමක්
ජාතික සුපිරි ලීගය - 2023

මිනෝද් භානුකගෙන් නායකත්වයේ ඉනිමක්

editorial - 2023 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජයත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 19 ක් සමග නොදැවී ලකුණු 186 ක් රැස්කිරීමට දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක සමත් විය.

තරගයේ අවසන් දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවට පත් වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 486 ක ඉලක්කයක් හඹායමින් සිටි කොළඹ කණ්ඩායම, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියේය. එහිදී ප්‍රමෝද් මධුවන්ත නොදැවී ලකුණු 53 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

දඹුල්ල පළමු ඉනිමේදී ලකුණු 73 කට දැවී ගිය භානුකට දෙවැනි ඉනිමේදී ද්විත්ව ශතකයක් කරා යෑමට අනගි අවස්ථාව තිබුණද, සෙසු පිතිකරුවන් සියලු දෙනා දැවී යෑම හේතුවෙන් එම අවස්ථාව මඟහැරී ගියේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 341
කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 257
දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 401

(සනෝජ් දර්ෂික 29, මිනෝද් භානුක නොදැවී 186, අෂාන් ප්‍රියන්ජන් 32, වනිඳු හසරංග 40, චමිඳු විජේසිංහ 39, දුවිඳු තිලකරත්න 27, දුෂාන් විමුක්ති 121/5, තරිඳු රත්නායක 111/3)
කොළඹ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 110
(නවිඳු විතානගේ 30, ප්‍රමෝද් මධුවන්ත 53, කුසල් පෙරේරා 24) 


අදහස් (0)

මිනෝද් භානුකගෙන් නායකත්වයේ ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.