Last Update  :  2025-05-01 15:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිනුවන්ගොඩ නාලන්දාවේ ආදි සිසු ක්‍රිකට් තරග 29 දා

මිනුවන්ගොඩ නාලන්දාවේ ආදි සිසු ක්‍රිකට් තරග 29 දා

editorial - 2025 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් 9 වැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් අනු සංගම් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මෙම මස 29 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට ⁣මධ්‍යම රාත්‍රිය දක්වා දෙවලපොල, වඩුමුල්ල සනිරෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවා/රාත්‍රී තරගාවලියක් ලෙස විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා අනු කණ්ඩායම් 23 ක් සහභාගීවන අතර එහිදී පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග 22 ක් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ශූරතාව සඳහා මේජර් අතුල කොස්තා අනුස්මරණ කුසලාන සමඟ රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් පිිරිනැමේ. අනු ශූරතාව සඳහා ආදි ශිෂ්‍ය සංගම් අභියෝග  කුසලාන සමගින් රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.  තරාගවලියේ වීරයා, දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සුදානමින් සිටිති.

 


අදහස් (0)

මිනුවන්ගොඩ නාලන්දාවේ ආදි සිසු ක්‍රිකට් තරග 29 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.