අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහලට එරෙහිව කඳානේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල සමත්විය.
මැසිනොද් විදුහල වෙනුවෙන් නොදැවී ලකුණු 51 ක් රැස්කිරීමට කයිල් ද සොයිසා සමත්වූ අතර තීක්ෂණ රිද්මාල් සහ මාර්ක් මතායස් කඩුලූ 4 බැගින් දවාගැනීමට සමත්වූහ.
බැසිලිකා විදුහල - පළමු ඉනිම ඕවර 50 කදී සියලූ දෙනා දැවී 136
(සජිත් සිල්වා, තීක්ෂණ රිද්මාල් 4/4, මාර්ක් මතායස් 24/4)
මැසිනොද් විදුහල - පළමු ඉනිම ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 185
(කයිල් ද සොයිසා නොදැවී 51, චමෝද් ධනංජය 26, අසිත සිල්වා 19, දේෂාන් මෙන්ඩිස් 17, කවීෂ දුලාංජන 51/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.