Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කටාන නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැති ෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ද මැසිනොද් විදුහල සමත් විය.

එහිදී සුදම් ද සිල්වා (62), ලෙස්ටර් ජයවීර (55) සහ අෂේන් සිල්වා (54) මැසිනොද් විදුහල විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම රුවින් ෆොන්සේකා ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ද මැසිනොද් විදුහල විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 6 ක් දැවී 214
(සුදම් ද සිල්වා 62, ලෙස්ටර් ජයවීර 55, අෂේන් සිල්වා 54, ෂෙයෝන් කෞෂල්‍ය නොදැවී 22, ඉමේෂ් රූපසිංහ 47/2, කමේෂ් තිලකරත්න 52/2, චමත් වීරතුංග 56/2)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 67.4 කදී සියලු දෙනා දැවී 143
(ඉමේෂ් රූපසිංහ 28, තිමිර ජයසිංහ 24, රුවින් ෆොන්සේකා 43/4, ෂෙයෝන් කෞෂල්‍ය 18/2)

ද මැසිනොද් විදුහල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුල්ලක් දැවී 33

 


අදහස් (0)

මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.