Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පළමු ටෙස්ට් තරගය අතරතුරදී කොරෝනා වයිරසයට ගෙදුරුවූ ඇන්ජලෝ මැතිව්ස්, මේ වනවිට සම්පූර්ණ සුවය ලබා තිබේ. ලබන සිකුරාදා (8 වැනිදා) ගාල්ලේදී ආරම්භ වන වෝන් - මුරලි කුෂලාන තරගාවලියේ දෙවැනි තරගය සඳහා සහභාගි වීමට මැතිව්ස්ට වෛද්‍ය අවසරය ලැබී තිබේ.
තරගයට සහභාගි වීමේ අවසරය ලැබීමත් සමගින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේම නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්, පුහුණුවීම් සඳහා එකතු වනු ඇත. මේ වන විට ටෙස්ට් තරග 97 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා, ටෙස්ට් ශතක 13 ක් සමගින්, ලකුණු 6815 ක හිමිකරුවෙකි.
ප්‍රවීන් ජයවික්‍රමටත් කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මහේෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ක්‍ෂිත මානසිංහ යන තිදෙනාම ජාතික සංචිතයට එක්කර සිටිති. වෙල්ලාලගේ සහ මහේෂ් තීක්‍ෂණ දෙදෙනාම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සාර්ථක දස්කම් පෙන්වූහ.
දකුණතින් පිට දඟ පන්දු යවන්නකු වන ලක්‍ෂිත මානසිංහ ඕස්ට්‍රේලියානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 13 ක් දවාගත්තේය. ඕස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව ඔහුගේ පන්දු යැවීම් සටහන් වූයේ 115/3, 83/2, 82/5 සහ 116/3 ක් ලෙසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.