Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - ලක්ෂාන් කෝල්ට්ස් පිල දිනවති
ප්‍රධානතම වි-20 තරගාවලිය

මැතිව්ස් - ලක්ෂාන් කෝල්ට්ස් පිල දිනවති

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජෙසූරිය)

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති ප්‍රධානතම වි-20 තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් ලබාගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

පන්දුවෙන් (30/4) මෙන්ම පිත්තෙන්ද (51) හොඳ දස්කම් පෙන්වූ ධනංජය ලක්ෂාන් කෝල්ට්ස් ජයග්‍රහණයේ නියමුවා වූයේය. ඕවර 3 කින් කඩුලු 4 ක් දවාගත් ධනංජය, හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ ලකුණු 30  ලබාගත්තේ පන්දු 32 කිනි.

ලෝක කුසලන සුදුසුකම් තේරීමේ තරගාවලියට යන ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වූ නමුත් වසර ගණනාවක් පුරා තමන් ක්‍රීඩා කරන කෝල්ට්ස් පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස්, හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ද සමගින් පන්දු 27 කදී ලකුණු 36 ක් ලබාගත්තේය. ඕවර 3.3 ක් නිමාවේදී කෝල්ට්ස් ලකුණු පුවරුව 17/2 ක් ලෙසින් කියැවුණ නමුත්, 13 වැනි ඕවරයේදී මැතිව්ස් දැවී යාමට පෙර එය 99/2 ක් ලෙසින් දිස්වූයේය. එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ පන්දු 46 කින් ලකුණු 49 කි.

එන්.සී.සී. පිල සහ කෝල්ට්ස් පිල අතර අවසන් තරගය ඉරිදා (11 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙයි


ඒස් කැපිටල් - ඕවර 20 කදී කඩුලු 8 ට 147 යි
(සිතාර ගිම්හන් 13, රොෂාන් ජයතිස්ස 10, පවන්ත වීරසිංහ 73, සකුණ ලියනගේ 20, රවිඳු රත්නායක 10, උදිත් මධුෂාන් 29/2, ධනංජය ලක්ෂාන් 30/4)

කෝල්ට්ස් - ඕවර 18.4 කදී කඩුලු 5 ට 152 යි
(ඇන්ජලෝ මැතිව්ස් 36, ධනංජය ලක්ෂාන් 51, ජෙහාන් ඩැනියෙල් නොදැවී 23, දුනිත් වෙල්ලාලගේ 12, මුදිත ලක්ෂාන් නොදැවී 11, සිතුම් දිසානායක 29/2)


අදහස් (0)

මැතිව්ස් - ලක්ෂාන් කෝල්ට්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.