Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් බලාපොරොත්තු සහගතව

මැතිව්ස් බලාපොරොත්තු සහගතව

රොෂාන් ගුණරත්න - 2018 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා තමන් සහභාගී නොවන බව මහනුවර කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. තරගාවලිය ප්‍රකාශයට පත්කරමින් කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී අද (27 වැනිදා) පැවැති තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී මැතිව්ස් එසේ පැවසීය.


තමන් මේ වනවිට බොහෝ දුරට සුවය ලබා සිටින බවත් භෞත චිකිස්සකවරු සහ වෛද්‍යවරුන් දවසින් දවස තමාට උපදෙස් ලබාදෙන බවත් දැනට තිබෙන තත්ත්වය අනුව පළමු තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි බවත් මැතිව්ස් පැවසීය. ඊළඟ තරග දෙක ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් කෙසේ වුවත් වෛද්‍යවරුන් සහ භෞත චිකිස්සකවරු කියනදේ ඇසිය යුතු බවත් මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.


තව අවුරුදු කිහිපයකින් ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ ඉදිරියට යන බැවින් දින හතරේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගැලපෙන ආකාරයෙන් ගලපා ගනිමින් ශක්තිමත් තරගාවලියකට අවතීර්ණ විය යුතු බවත් රෝස පැවැති පන්දුව යොදාගනිමින් දිවා රාත්‍රී තරග පැවැත්වීමට තවත් වසර 4-5 කින් පමණ ලෝකය උනන්දු වෙයි යැයි සිතන බව මාධ්‍ය හමුව සදහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ටෙස්ට් තරගාවලි වලට යනවිට ඊට ගැලපෙන ආකාරයෙන් දින හතරේ තරග පැවැත්විය යුතු බවත් එම නිසා දින හතරේ තරගාවලිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.


අපට දේශීය තරගාවලි පැවැත්වීම සදහා කාළ සීමාවක් නොතිබූ බවත් වසර පුරා දේශීය තරගාවලි පැවත්වීමට වඩා දෙසැම්බර් 1 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා ප්‍රධාන දේශිය තරගාවලි පැවැත්වීමට තීරණය කර ඇති බවත් සුමතිපාල මහතා පැවසීය.


අන්තර් පළාත් සිවුදින තරගාවලියෙන් පසුව අන්තර් පළාත් එක්දින සහ විස්සයි20 තරගාවලිද පැවැත්විමට කටයුතු යොදන බව සභාපතිවරයා පැවසීය.


මෙම තරගාවලිය පළාත් තරගාවලියක් වුවත් නගරවල නම් යොදා ඇත්තේ නගරවල ජනතාවට අපේ කම දැනිමට බවත් සුමතිපාල මහතා පැවසිය. විස්සකට අධික පිරිසක් කණ්ඩායමට නම්කර සිටියද තරගයට සහභාගීවීම සදහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණි. අවසන් ක්‍රීඩකයින් 15 දෙනා තේරීමේ වගකීම කණ්ඩායම් නායකයා, පුහුණුකරු සහ කළමණාකරුට ලබාදී ඇති අතර 15 දෙනෙකු තේරීමෙන් පසුව ඉතිරිවන ක්‍රීඩකයින් හටද අවස්ථාවල ලබාදෙන බව සුමතිපාල මහතා පැවසීය. මේ වනවිට ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ආබාධයන්ට ලක්ව ඇති බවත් එම ක්‍රීඩකයින් වෙනුවට 15 දෙනෙකු තේරීමෙන් පසුව ඉතිරිවන ක්‍රීඩකයින් ආදේශ කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.


කණ්ඩායමේ හතරේ නායකයින් වන මහනුවර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් සහ දඹුල්ල කණ්ඩායමේ දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුව අමතමින් මෙවැනි තරගාවලියක් මගින් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම පිළිබඳව ක්‍රිකට් ආයකනයට ස්තූතිවන්ත වූහ.


තරග ජයග්‍රහණය කිරීමට උත්සහ කරන ගමන් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට කටුයුතු කරන ලෙස නායකවරුන් විසින් තරුණ ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටියහ.

 

තරග කාලසටහන

■    මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා - දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී  

■    මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා - කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  

■    අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා - ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)

■    අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා - මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  (දිවා-රාත්‍රී)

■    අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා - දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

■    අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා - ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

 

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කෞෂාල් සිල්වා, ශෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් අබේරත්න, ළහිරු උදාර, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවීශ්ක අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක මහතා (කළමණාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)

මහනුවර කණ්ඩායම

ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ළහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, මලින්ද වර්ණපුර මහතා (කළමණාකරු),  පියල් විජේතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු)

දඹුල්ල කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, කේ.ටී.එච්. රත්නායක, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුෂංක, හිමේෂ් රාමනායක, රෂ්මික දිල්ෂාන්, නිෂාන් මධුෂ්ක, විනෝදන් ජෝන් මහතා (කළමණාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)

ගාල්ල කණ්ඩායම

සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, එස්. අශාන්, ඔසද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, පී.සී. ද සිල්වා, ජේ. ලියනගේ, ලක්ෂිත මධුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඞ් දිල්ෂාඞ්, උපුල් තරංග, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අෂේන් බණ්ඩාර, වරුණ වරාගොඩ මහතා (කළමණාකරු), හෂාන් තිලකරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු)


අදහස් (0)

මැතිව්ස් බලාපොරොත්තු සහගතව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.