අට වැනි ඉන්දිය ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැති අටවැනි අයි.පී.එල් ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය රුපියල් කොටි 7. 5 (රුපියල් කෝටි 15.9ක) වාර්තාගත මුදලකට අලෙවි විය.
ඔහු මිලදී ගැනීම සදහා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ද් බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන් අතර තියුණු තරගයක් පැවැති අතර අවසන් වශයෙන් රුපියල් කෝටි 15.9 මුදලක් ගෙවමින් මැතිව්ස් මිලදී ගැනීමට ද්ලිලි කණ්ඩායම සමත් විය. එය ඊයේ පැවැති ක‍්‍රිකට් වෙන්දේසියේදී ක‍්‍රීඩකයෙකු අලෙවවි වූ තෙවැනි ඉහළම වටිනාකම වේ.
මැතිව්ස්ට රුපියල් කෝටි 3.19 මූලික මිලක් නියමවී තිබුණි. මැත්ව්ස් මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට ද එම මිල නියමවී තිබුණත් ඩිල්ෂාන් අලෙවි නොවීය.
රුපියල් කෝටි 2.13 මූලික මිලක් නියමවී සිටි ශ්‍රීි ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මිලදී ගැනීමට පළමුවටයේදී කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. සංගාගේ නම තවත් අවස්ථා දෙකකදී වෙන්දේසියට ඉදිරිපත් වුවත් ඔහු මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නෝවීය.
ඊයේ පැවැති වෙන්දේසියේ වැඩිම අවධානය දිනාගත් ක‍්‍රීඩකයා වූයේ ඉන්දීය තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං ය. එක් දින ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටින යුවරාජ් සිංට රුපියල් කෝටි 4.26 මූලික මිලක් නියමවී තිබුණත් ඔහුව රුපියල් කෝටි 34.08 මිලදී ගැනීමට ද්ලිලි කණ්ඩායම සමත් විය.
ඔහු හා රුපියල් කෝටි 4.26 මූලික මිලක් නියමවී සිටි ද. අපි‍්‍රකාවේ හෂීම් අම්ලා අලෙවි නොවූ අතර කෙවින් පීටර්සන් රුපියල් කෝටි 4.32 කට අලෙවි විය. එසේම දිනේෂ් කාර්තික්ට එම මුදලම නියමවූ අතර ඔහු රුපියල් කෝටි 22.68 කට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. එය ඊයේ පැවැති ක‍්‍රිකට් වෙන්දේසියේදී ක‍්‍රීඩකයෙකු අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාකම වේ.
මෙවර වෙන්දේසිය සදහා ක‍්‍රීඩකයින් 344 නම්වූ අතර එයින් අලෙවි වූයේ ක‍්‍රීඩකයින් 67 පමණි. 2015 ප‍්‍රිමියර් ලීග් තරගාවලිය අපේ‍්‍රල් 08 වැනිදා ආරම්භ වන අතර මැයි 22 වැනිදා තෙක් පැවැත්වේ.
අලෙවි නොවූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්
කුසල් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අකිල ධනංජය. ළහිරු තිිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, සුරාජ් රන්දීව්, ෆර්වීස් මහරූෆ්, තිලාන් තුෂාර, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, සීක්කුගේ ප‍්‍රසන්න.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.