Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - ඩිල්ෂාන් නව ශ්‍රේණිගත කිරීමෙන් පහළට

මැතිව්ස් - ඩිල්ෂාන් නව ශ්‍රේණිගත කිරීමෙන් පහළට

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකොළොස් වැනි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින අටක් පමණි පෙරේදා (03දා) අවසන් වූ නවසීලන්තය හා පාකිස්තාන ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති අවසන් එක්දින තරගාවලිය විය.

ඉන් අනතුරුව අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය එක්දින කණ්ඩායම් හා ක‍්‍ර‍්‍රීඩකයන්ගේ නවතම ෙශ්‍රීණිගත කිරීම් ප‍්‍රකාශයට පත් කළ අතර, එය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට ප‍්‍රථම සිදු කළ අවසන් ශේණිගතකිරීම වේ. එයි විශ්ලේෂණයන් පහතින් දැක්වේ.  

ඕස්ටෙ‍්‍රීලියාව පෙරමුණ රැකගනියි

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල තව දුරටත් පෙරමුණ රැුකගැනීමට ඔස්ටෙ‍්‍රීලියානු කණ්ඩායම සමත් වී ඇත. දෙවැනි ස්ථානයේ ඉන්දීය කණ්ඩායම පසුවන අතර තෙවැනි ස්ථානයේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පසු වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වී නැති අතර සිව්වැනි ස්ථානයේ පසු වෙයි.

එක් දින පිටියේ පිතිකරුවන් අතර ඩිවිලියස් ඉදිරියෙන්

එක් දින පිටියේ පිතිකරුවන්  ශ්‍රේණිගතකිරීම් අනුව ඉදිරියෙන්ම සිටින පිතිකරුවා ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ  ඒ. බී. ඩිවිලියස් ය. එම වර්ගීකරණයේ දෙවැනි ස්ථාවයේ දකුණු අප‍්‍රිකාවේම හෂීම් අම්ලා පසුවෙයි. පළමු දසදෙනා අතර සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔවුන් පිළිවෙළින් සිව් වැනි හා පස්වැනි ස්ථානයේ පසුවෙයි.

ලෝක කුසලානයෙන් ඉවත් වූ අජ්මාල් හා නාරායන් පෙරමුණේ

එක් දින පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් වලට අනුව පාකිස්තානයේ සයිඞ් අජ්මාල් පළමු ස්ථානයේද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුනිල් නාරායන් දෙවැනි ස්ථාවයේද පසුවෙති.
ඵන්දු යැවීමේ ඉරිය සැක සහිත බව ස`දහන් කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ඔවුන් දෙදෙනාට පසුගිය වසරේදී තරග තහනම් පැනවූ අතර ඒ හේතුවෙන් අජ්මාල් හා නාරායන් තම ඉරියව් නිවැරදි කරගැනීම ස`දහා මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. පළමු දස දෙනා අතර සිටින එකම  ශ්‍රී ලංකා පන්දු යවන්නා රංගන හේරත් වන අතර ඔහු අටවැනි ස්ථානයේ පසුවෙයි.

මැතිව්ස් ඩිල්ෂාන් පියවර දෙකක් පහළට

තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හා තිලකරත්න ඩිල්ෂාන්ට පියවර දෙකක් පහළ බැසීමට සිදුව ඇත. නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ඔවුන් පසුවන්නේ පිළිවෙළින් තෙවැනි හා සිව්වැන් ස්ථාව වලය. මීට ප‍්‍රථම මැතිව්ස් පළමු ස්ථානයේද ඩිල්ෂාන් දෙවැනි ස්ථානයේද පසුවිය. කෙසේ වෙතත් වෙනත් කිසිදු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු පළමු දසදෙනා අතරට පැමිණ නැත. ශ්‍රේණිගතකිරීම් වලට අනුව බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් නැවත වරක් පළමු ස්ථානයට පැමිණ ඇති අතර පාකිස්තානයේ මොහොමඞ් හෆීස් දෙවැනි ස්ථාවයට පැමිණ ඇත.

 එක් දින කණ්ඩායම් දහය

1. ඕස්ටෙ‍්‍රීලියාව (120)
2. ඉන්දියාව (114)
3. දකුණු අප‍්‍රිකාව (113)
4. ශ්‍රී ලංකාව (108)
5. එංගලනිතය (104)
6. නවසීලන්තය (103)
7. පාකිස්තානය (95)
8. බ. ඉ. කොදෙව් (94)
9. බංග්ලාදේශය (75)
10. සිම්බාබ්වේ (53)


 එක් දින පිතිනරුවන් දස දෙනා

1. ඒ. බී. ඩිවිලියස් ( - 891)
2. හෂීම් අම්ලා (ද. අප‍්‍රිකාව - 867)
3. විරාට් කෝලි (ඉන්දියාව - 831)
4. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව - 823)
5. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව - 785)
6. කේන් විලියම්ස් (නවසීලන්තය - 784)
7. ශිකර් දවාන් (ඉන්දියාව - 725)
8. රොස් ටේලර් (නවසීලන්තය - 722)
9. එම්. එස්. දෝනි (ඉන්දියාව - 721)
10. ඩි කොක් (ද. අප‍්‍රිකාව - 720)


පන්දු යවන්නන් දස දෙනා

1. සයීඞ් අජ්මාල් (පාකිස්තානය - 744)
2. සුනිල් නාරායන (බ. ඉ. කොදෙව් - 734)
3. ඬේල් ස්ටේන් (ද. අප‍්‍රිකාව - 724)
4. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය - 706)
5. මිචෙල් ජොන්සන් (ඔස්ටෙ‍්‍රීලියාව - 683)
6. ශකීබ් අල් හසන් (බංග්ලාදේශය - 680)
7. මිචෙල් ස්ටාක් (ඔස්ටෙ‍්‍රීලියාව - 636)
8. රංගන හේරත් (ශ්‍රී ලංකාව - 629)
9. මොහොමඞ් හෆීස් (පාකිස්තානය - 629)
10. මොනේ මෝකල් (ද. අප‍්‍රිකාව - 628)


තුන් ඉරියව් ක‍්‍රීඩකයින් දසදෙනා

1. ශකීබ් අල් හසන් (බංග්ලාදේශය - 403)
2. මොහොමඞ් හෆීස් (පාකිස්තානය - 396)
3. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව - 393)
4. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව - 389)
5. සහීඞ් අෆ්රිඞී (පාකිස්තානය - 348)
6. ජේම්ස් ෆොක්නර් ( ඕස්ටේ‍්‍රලියාව - 327)
7. රවින්ද්‍ර ජඬේජා (ඉන්දියාව - 319)
8. මොහොමඞ් තාබ් (ඇෆ්ගනිස්ථානය - 290)
9. ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව - 275)
10. ග්ලේන් මැක්ස්වෙල් ( ඕස්ටේ‍්‍රලියාව - 270)


අදහස් (0)

මැතිව්ස් - ඩිල්ෂාන් නව ශ්‍රේණිගත කිරීමෙන් පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.