වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සෙලාන් බැංකු පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 6 කින් ජයගැනීමට මාස් ඇක්ටිව් පිල ඊයේ (03) සමත් විය.තරගය තර්ස්ටන් විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
පෙරදින රාති‍්‍රයේ ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් තරගය මදක් ප‍්‍රමාදවී ආරම්භ වූ අතර තරගය ඕවර 26 කට සීමාවිය. මාස් ඇක්ටිව් කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට සෙලාන් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 26 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 194 ක් රැුස් කිරීමට ඔවුන් සමත් විය. තරංග පරණවිතාන (59) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය මාස් ඇක්ටිව් කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 20.2 කදී කඩුලූ 7 කට ලකුණු 162 ක් රැුස් කරගෙන සිටි අතර ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 6 ක් ඉදිරියෙන් සිටි මාස් ඇක්ටිව් පිලට තරගයේ ජය හිමිවිය.
සෙලාන් බැංකුව ඕවර 26 කදී කඩුලූ 8 ක් දැවී 194
(තරංග පරණවිතාන 59, ඉයන් ඩැනියල් 42, නුවන් කුළසේකර නොදැවී 33, සචිත‍්‍ර සේරසිංහ 26/3, කසුන් මධුශංක 36/2)
මාස් ඇක්ටිව් ඕවර 20.2 කදී කඩුලූ 7 ක් දැවී 162
(ඇන්ජලෝ පෙරේරා 44, සචිත‍්‍ර සේනානායක නොදැවී 37, තිලකරත්න සම්පත් 33, කෞශල්‍ය ගජසිංහ 28/2, නුවන් කුළසේකර 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.